Blogroll

Follow us on Facebook

Followers

Thursday, January 31, 2013

අහෝ..! කුමන කරුමයක්ද මේ.....

හදවතේ නලිය නලිය
සිටි ඔබ
කොයි මොහොතකද එන්නේ කියා
මා බලා සිටියෙමි
නිදහසක් නෑ මගේ හදට
ඔබ දකින තුරා
ඒත් ...අහෝ ....දෙවියනි...
ඔබ ආ වෙලාව මා හට
සරදම් කරන බව
නොදැන සිටියෙමි මා නම්
ඇයි ඔබ මෙලෙස මා හටම
මෙවන් දුකක් උරුම කලේ
කිමක්ද ඒ අරුමය
දුකයි මට .....දුකයි...
හදවතේ නැගෙන වේදනාව
වදන් වලට පෙරලුවෙමි
දුක බෙදා ගන්නට
මිතුරාද සිටියෙමි
එහෙත් මගේ හදේ වූ දුක් ගින්න
ගගක් මෙන් කදුළින්
කාටත් හොරා
කොට්ටය සිප ගතිමි...

Tuesday, January 29, 2013

ප්‍රතිඵල එනවෝ....

හ්ම්.!....මොනා කියන්නද කියලා හිතෙනවා පෝස්ටුවක් ලියන්න හැදුවට.ඒ තරම් මගේ හිත චංචල වෙලා දැන්.ඔලුවේ ඇතුලේ ප්‍රශ්ණ කෝටියයි.මේ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු හෙට එළිවෙන ජාමෙට ලැබෙනවා කියලා මතක් වෙනකොට සතුටුයි.ඒත් ඒ සතුට බිදී යන මොන මොනවදෝ ටිකක් ඔලුවේ කැරකෙනවා.එක වෙලාවකට පිස්සු වගේ.එක අවුරුද්දක් මැරීගෙන පාඩම් කළා.ඒත් හිතු තරම් ප්‍රතිඵල නොලැබුනත් ඒ ගැන පසුතැවීමක් කණගාටුවක් නැත්තේ දෙවන වර විභාගයට පෙනී සිටින්න කටයුතු කල කාලයේයි.කිම්ද යත් එවිට අපේ පළමු වර වූ අඩුපාඩු අපිමට හොදින් අවබෝද වූ හෙයිනි..
ප්‍රතුඵල ..ප්‍රතිඵල...ප්‍රතිඵල...ඔලුව වටේ කැරකෙයි...අහල පහල උදවිය මෙන්ම රටේ ලෝකේ උදවියත් ඇස් කන් යොමු කරමින් සිටින්නේ මා දෙසටය.ඔවුනට ඇති උවමනාව මා වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබීමය.තවත් සමහරෙක් බලා සිටින්නේ හොදහැටි පාටි දැමීමටය...මා වෛද්‍ය විද්‍යාලයට තේරුනොත් මටද මගේ දෙමාපියන්ටද නෑදෑ හිත මිතුරන් තුලද ඇතිවන සතුට නිම් හිම් නැතිය..එහෙත් හමුවී හිත හොදින් කතා කලද හදවත ඇතුලින් බුර බුරා නැගෙන කෝපය සගවාගත් පිරිස්ද අප අතර නැතුවා නොවේ..
ඇත්තටම මාගේ ප්‍රතිඵල ගැන මට යම් විශ්වාශයක් ඇතත් අන් අය තුල ඇති විශ්වාශය ඊටත් වඩා විශාල වන්නේය..අන්න එයයි මාගේ සියලු ගැටළු වලට හේතුව.එයයි,ඔවුන් මා ගැන තබා තිබෙන විශ්වාශයට මා තදින් බිය වී ඇත්තෙමි..කුමන දේවල් මා මෙලෙස මේ අවස්ථාවේදී ප්‍රකාශ කලද හෙට මේ සියල්ලටම හොද තීන්දුවක් ලැබෙනු ඇතැයි මගේ හැගීමයි...
කියන්නට කණගාටු වන කාරණය නම් ප්‍රතිපල එන්නට මත්තෙන් ලියු මේ පොස්ටුවට ඔබ සැවොම දක්වන ප්‍රතිචාර වලට මගේ අදහස් ප්‍රතිඵල පැමිණීමට පෙර ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන හෙයිනි.ඊට හේතුව නම් මා ගෙවූ පතල් ජිවිතේ තවත් එක් මුර දවසක් අදට යෙදී තිබෙන නිසාවෙනි..
ඒත් මා දයාබර හිත මිතුරණි මාගේ නොපැමිණීම පසෙක ලා සිත් තුල ජනිත වන ඔබේ අදහස් සියල්ල නොපැකිලිව මා හට පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.එවිට හෙට මට ඔබේ අදහස් දෙස බලා සතුටු විය හැකිය...හෙට දිනයේ උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සියලුම මිතුර මිතුරියන්ට ඉතා හොඳ ප්‍රතිඵල ලැබේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරන්නෙමි.ඔබ සැමට ජය....

Saturday, January 26, 2013

දයාබර සොයුරිය

මේක ඔන්න මන් ලියපු එකක් එහෙම නොවේ හොදේ..මේක අපේ පුංචි ලියපු තවත් එක් පද පේලියක්...

සෙව්වා මමත් දුකසැප කිමැයි විමසා
සෙනෙහස ඉසින මිතුරියක්
සෙව්වා මමත් ඒ සෙනෙහසේ කලණ මිතුර
නුඹ කියා...
එසෙයි මගේ සිත පෑරුණු එලෙස

විරසක වෙලා සිටියත්
මටම නොවැටහෙන මගේ සිත
ලෙන්ගතු වුණු නුඹට
ඇත්තෙන්ම.....
දයාබර සොයුරියක් වුනා නුඹ
ජීවිතය ඇති තුරාවට අමතකව නොයන ලෙස
සත්තයි මා තරහ නෑ නුඹ සමඟ ....

මේකත් වේගයක්ද?

"මේ අහනවා රාළහාමි මෙන්න මේක මට පැහැදිලි කරනවා;අපි මේ ජිවත් වෙන්නේ පැයට හැතැම්ම 1000 ක වේගයෙන් කැරකෙන ග්‍රහලෝකයකයි.මේක සූර්යයා වටේ පැයට හැතැම්ම 66,000 ක වේගයෙන් දුවනවා.ඊළගට සූර්යයා සක්වල වටේ පැයට හැතැම්ම ලක්ෂ ගානක වේගයෙන් ඇරලා යනවා.මේ සක්වලත් පැයට හැතැම්ම කෝටි ගානක වේගයෙන් විශ්වය ඇතුලේ දාවනය වෙනවා.එහෙව් එකේ පැයට හැතැම්ම 30 ක වේගයෙන් කාර් පදවන්න නියම කරලා තියෙන මේ හරියේ මම පැයට හැතැම්ම 35 ක වේගයෙන් ගියාය කියලා තමුසේ මට නඩු දාන්න හදනවා.මේකේ කිසිම සාධාරණයක් තියෙනවද බලන්න රාලහාමි.."
පොලිස් නිලදරයෙකු අමතා මෝටර්රථ රියදුරෙකු විසින් කරන ලද කෙටි දේශනයකි ඒ....

Thursday, January 24, 2013

රුවන්පුරේ පතල් කෙරුවාව

ඔන්න ඉතින් යාලුවනේ මන් අද ඔයාලට අලුත් දෙයක් ගැන කියන්නයි ලක ලෑස්ති උනේ.රත්නපුරේ ඉදලත් අපි මේතාක් මේ ගැන කතා නොකරපු එක ගැන පසුතැවෙනවා..රුවන්පුරේ නොහොත් රත්නපුරේට ඒ නම ලැබීමට හේතුව ඔයාලා දන්නවා ඇතිනේ.ආන්න ඒ හේතු මුලය ගැන කතා කොරන්නයි අද මන් මේ හදන්නේ..ඒ රුවන්පුරේ මැණික් ලබාදෙන මැණික් පතල් ගැනයි.ඒත් ඉතින් පහු ගිය දොහේ නම් රත්නපුර ගැන වැඩියෙන් පුරසාරම් දෙඩෙව්වෙ වෙනත් කරනා ගැන කියලා රටේ ලෝකේ කොයි කවුරුත් දනී නේ.
හ්ම්....පතල් ..පතල් කිව්වම මටනම් එක වෙලාවකට සතුටුයි.ඒත් තවත් වෙලාවකට එපාම කරපු මල ඉලව්වක්.එහෙම හිතෙන්නේ ඉතින් පතල් ජිවිතේ හැටියෙන්ම තමා.ඒත් ඉතින් ඔය උඩින් තියෙන පොටෝ දකිනකොට මට ගොඩාක් සතුටුයි.කොටි ගණන් වටිනා මැණික් අත පත ගාන්න ලැබීමම කොයි තරම් දෙයක්ද.
ඔය පිට පළාත් වල උදවිය නම් මේ ගැන වැඩිය නොදන්නා කමට කියන කතා වලට නම් මෙහෙ අයට මරු කේන්තියි.විශේෂයෙන්ම පතල් කම්කරුවන්ට...මොකද කියනවනම් මට මේ මෑතකදී අහන්න ලැබුනා අපේ ගමේ සහෝදරයෙක් කොළඹ රටේ කරක් ගහපු වෙලාවක එහෙ ටවුන් කොල්ලෙක් කිව්වලු අනේ මචං ආයි මේ පැත්තේ එනකොට මට මැණිකක් අරන් වරෙන් කියලා..බලන්න ඒ කතාවේ තේරුම.කොළඹ රටේ මිනිස්සු හිතාන ඉන්නේ මේ අපිට නිකන්ම මැණික් පොළොවෙන් ලැබෙනවා කියලා.අනේ නේන්නම් මෙහෙමත් කරුමයක්..මේ පතල් කරුමාන්තයේ අරුමය ගැන දන්නේ ඉතින් පතල් කපන උදවියම තමා.ඒත් ඉතින් කොළඹ රටේ උදවිය එක අතකින් හෑල්ලු වෙන්න ඕන නෑ.මොකද රත්නපුරේ උන්නට තාම පතලක්වත් නොදැකපු උදවිය මේ පැත්තේ ඉන්න නිසා..
ඉල්ලම් ගොඩ දැමු පතල් වළක්
වතුර ඉහින එන්ජිමක්

ඉතින් යාලුවනේ ඔය කවුරු මොන කිව්වත් පතල් ජිවිතේ ඒ තරම් සතුටු නෑ.පට්ට අව්වේ කරවෙවී මහා වැස්සට තෙමි තෙමී වැඩ කරන අරුමය දන්නේ පතල් කපන උදවිය තමා.පතල පටන් ගත්තු දවසේ ඉදලම ඉතින් පොලොව එක්ක හැප්පෙන එක තමා අපේ කාරිය.උදේ ඉදන් හවස් වෙනකන් දවස ගානේ එක දිගටම වැඩ.නිවාඩුවක්වත් හම්බවෙන්නේ ඉතින් පෝය දවසට තමා.එදාට ඉතින් හැමෝම පන්සලට ගොහින් දෙයියෝ බුදුන් සිහි කොරන එක ගමේ කාගේත් චාරිත්‍රයක්.පතලක් පටන් ගන්න කලිනුත් අපේ සමන් දිව්‍ය රාජයානන්ටත් පුද පූජා පැවැත්වීමට අපි අමතක කොරන්නේ නෑ.
මෙහෙ ඒ කිව්වේ රත්නපුරේ හුගක් අයට ඉඩම් තියෙනවනේ.ඒ අය ඉතින් කොරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යංශයට ගොහින් තමුන්ගේ ඉඩමේ ඔප්පුව පෙන්නලා පතල් කපන්න ලයිසොන් කොලයක් ගන්න එක.ඊට පස්සේ ඉතින් ඔය අහල පහළ ඉන්න අහිංසක දුප්පත් ජනතාව එක කොරගෙන ඒ හැමෝටම හවුල ගානේ ලබාදීලා පතල් කපනවා.මම “හවුල”කියලා කිව්වේ පතල් වල වැඩ කරන කම්කරුවන්ට පතල් වල අයිති හාම්පුත්තුගෙන් ලැබෙන කොටහටයි.ඒක ලැබෙන්නේ ඉතින් අපි පතල් කපල ඉල්ලම් ගොඩට අරගෙන ඒවා ගරලා මැණික් තෝරලා අරගෙන ඒවත් තුට්ටු දෙකට විකුණලා ලැබෙන මුදලින් අපිට ලැබෙන කොටසටයි.ඒ ගාන සාමාන්‍යයෙන් මැණික් වෙන්දේසියෙන් ලැබෙන මුළු මුදලින් 2 % ක් පමණ තමා.
ඉල්ලම් ගොඩ ගැසූ ඉල්ලම් කමතක්
ඔය මැණික් පොලවේ පිහිටලා තියෙන පස් විශේෂයට තමා “ඉල්ලම” කියලා කියන්නේ.එක දැන ගන්නේ ඒ පස් වල ඉල්ලම් කැට පිහිටිමෙනුයි.හුගක් අය බොහෝ දුරට සල්ලි කාර උදවිය ලයිසොන් අරගෙන පතල් කැපුවට වටින් ගොඩින් ඉන්න දුප්පත් උදවිය තනියෙන්ම කාටත් හොරා පතල් කපනවා.ඒක ප්‍රසිද්ද රහසක්.එකේ වාසිය ඉතින් තමන්ට වාසි උනොත් ඉතින් ලැබෙන සල්ලි ඔක්කොම ගෙඩි පිටින්ම තමුන්ටනේ.මොකද ඒ සල්ලි වලට හවුල්කාරයෝ නෑ නොවැ.ඔය හවුල් කියන ඒවානම් ගොඩයි.කුලී හවුල,තේ හවුල,මුදල් හවුල,බිම් හවුල,එන්ජින් හවුල,තෙල් හවුල.....කියලා ගොඩාක් තියෙනවා.ලොකු ලයිසොන් පතල් වල වෙන්දේසියෙන් පස්සේ මේ හවුල් ඔක්කොටම සල්ලි බෙදනවා නොවැ.ඉතින් පතල් කම්කරුවන්ට ඉතිරි සොච්චම් ගානයි..
පතලේ වැඩ කරමින්
දවාලට පතල් කැපුවට ඉතින් රෑ ජාමෙට ආයිත් දවසට කෙනෙක් දෙන්නෙක් පතලේ මුරට පැමිණෙන්න ඕන.මොකද වැඩ කරන ආවුද ටික පරිස්සම් කොරන්න එපයි.ඒ වගේම දාඩිය හෙලලා හෙලලා ගොඩට ගන්න ඉල්ලම් ටික පන වගේ රැක ගන්න ඕනිනේ.හැබැයි මෙහෙම ගොට්ට ගන්න ඉල්ලම් වලටත් කොලෝල යන උදවියත් රටේ ලෝකේ ඉන්නවා..ඔය පතලේ වැඩ කරන ආවුද දාලා තියෙන පෙට්ටිය හදුන්වන්නේ ආවුද පෙට්ටිය කියලා.
වාඩියේ ඇති ආවුද පෙට්ටිය
රෑ මුරට ආවම ඇල වෙලා ඉන්න තැන තමා මැස්ස කියන්නේ.මේ ඔක්කොම තියෙන්නේ වාඩියේ තමා..ඉස්සර පතල් වලනම් ඉල්ලම් ගැරුවේ අතින්.ඉල්ලම් ගරන්නේ ගැරුම් වට්ටියෙන්.ඒත් දැන් නම් ඒවාට මැෂින් තියෙනවා.පස් අදින කුඩා වර්ග දෙකයි.ඒ පොඩි කූඩ හා දබර කූඩයි.පොළොවේ ඉල්ලම් පිහිටලා තියෙන ගැඹුර අනුව පතල් ජාති දෙකක් තියෙනවා.එකක් ගොඩ පතල්.අනෙක ගැඹුර පතල්.ඒ වගේම පතස් කියලා පතල් ජාතියකුත් තියෙනවා.ඉහත රූප ඒ පතල් වැල තමා.ගැඹුර පතල් අඩි ගණන් යටට හාරනවා.පස්සේ ඇතුලෙන් ඉල්ලම දිගේ දෝනා යනවා.ගොඩ පතල් නම් අඩි 10-20 විතර ගැඹුර හිටී.
නවීන ඉල්ලම් ගරන මැෂිමක්
මන් මේ කිව්වේ පතල් කෙරුවාවෙන් බොහොම පොඩ්ඩයි.මේක කියන්න ගියොත් කෙළවරක් නෑ.මන් ආයිත් දවසක පතලක දවසක් ගැන පොස්ට් එකක් දාන්නම්.එතකං ඔයාලට ඉන්න වෙනවා මාත් එක්ක හොදේ..මේ ගැන කමෙන්ට් දාන්න අමතක කරන්න එපා.පතල් ගැන ඕනි දෙයක් මගෙන් අහන්න.මන් විස්තර ඔයාලට කියන්න ලෑස්තියි.....

Wednesday, January 23, 2013

ඇයි ඊයේ ගියේ.....

සුරතල් කසුන් දැන් පාසල් යන වයසට් එළඹ ඇතත් පාසල් යාමට ඔහුගේ කිසිම ආශාවක් නැත.ඉල්ලන ඉල්ලන තෑගි බෝග ලස්සන ඇඳුම් පැළදුම් කොපමණ ගෙනවිත් දුන්නත් පාසැල කෙරෙහි ඔහු තුල උනන්දුවක් ඇති කිරීම පහසු නොවීය...
අන්තිමට මව උපායක් යෙදුවාය.ඔහු සමඟ සෙල්ලම් කරන යහළුවන්ට ටොපි චොකලට් ආදිය දී ඔවුන් ලවා නොයෙකුත් සිත් ගන්නා දේ පැවසීමට සැලැස්වීමෙන් පාසැල කෙරෙහි ඇල්මක් ඇති කිරීමට ගත උත්සාහය තරමක් දුරට සාර්ථක විය.ඉන්පසු මුල් දිනයේ ඔහු පාසල් ගියේය.ඊළඟ දවසේ අම්මා ඇඳුම් පැළඳුම්,කෑම බීම,පොත් බෑගය ආදිය කලින්ම සකස් කර තබා කසුන් පුතා අවදි කරවීමට කාමරයට ගියාය...

"පුතා,නැගිටින්න මගේ පුතා" යයි ඔහුගේ ඔලුව අත ගාමින් පැවසුවාය.
"මොකටද අම්මේ" යයි කසුන් ප්‍රශ්න කළේය.
"ඇයි පුතා පාසල් යන්නනේ" යනුවෙන් අම්මා පිළිතුරු දුන්නාය.
"ඇයි අම්මේ ඊයේ ගියේ" යයි පැවසු කසුන් හොඳට හරි බැරි ගැහි නිදා ගත්තේය....

Tuesday, January 22, 2013

ඩොන්ගල් එක unlock කරමුද.?

ඉතින් යාලුවනේ,ඔන්න මන් හිතුවා ඔයාලා හැමෝටම වටිනා කියන දෙයක් අරන් එන්න.මේ ගැන මගෙන් හුග දෙනෙක්ම ඇහුවා.මේක සමහරු නම් දැන් බිස්නස් එකක් කොරගෙන නොවැ.ඒත් ඉතින් ඔන්න මමනම් එහෙම නෑ.ලොබ නැතුව මන් මේ ඔයාලට කියල දෙන්න යන්නේ ඩොන්ගල් එකක් unlock කරගන්නා ආකාරයයි...ඔන්න එහෙනම් අහගන්නකෝ.....
බොහෝ විට අපේ රටේ අයියලා මල්ලිලා හැමෝම පාවිච්චි කොරන්නේ huwawi නැත්නම් ZTE කියන නිෂ්පාදන නාමයන්ට අයිති ඩොන්ගල්.මේ වර්ග දෙකටම අයත් ඩොන්ගල් හරිම ලේසියෙන් unlock කරගන්න පුළුවන්.

වැදගත් -:ඩොන්ගලය unlock කිරීමෙන් පසු අදාළ සමාගමෙන් ලබාදෙන වගකීම් සහතිකය අහෝසි වන බව මතක තබා ගන්න.එසේම හදිසි විදුලි ඇන හිටිමකදී ඩොන්ගලය නැවත භාවිත කල නොහැකි ආකාරයෙන් හානි විය හැකි බැවින් UPS උපකරණයක් සහිතව unlock කිරීම සිදු කල යුතුයි.එසේම unlock code යෙදීමේදී එය යම් වාර ගණනකට (10ක් පමණ) සීමා කර ඇත.එම නිසා නිවැරදිව unlock code එක ඇතුල් කිරීමට වග බලා ගන්න.මෙහි දක්වා ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම ඔබගේ වගකිමක් වන අතර ඔබ අතින් සිදුවන ඇත වැරදීම් සදහාද වගකීම ඔබ සතු වේ.

ඩොන්ගලයක් unlock කිරීමට ක්‍රම කීපයක්ම තිබෙනවා.මේ සඳහා අන්තර්ජාල වෙබ් අඩවි මෙන්ම පරිගණකයේ ස්ථාපනය කරන මෘදුකාංග මගින්ද සිදු කල හැකියි.පළමුවෙන්ම අපි අන්තර්ජාලය භාවිතයෙන් unlock කරගන්නා ආකාරය විමසා බලමු.
HUWAWI ඩොන්ගලයක් unlock කරගන්නේ මෙහෙමයි.....

මේ සඳහා මුලින්ම අන්තර්ජාල වෙබ් බ්‍රවුසරයෙන් පහත වෙබ් පිටුවට පිවිසෙන්න.

එහි ඇති box එකට ඔබේ ඩොන්ගලයේ IMEI අංකය ඇතුලත් කර පසුව Submit කරන්න.දැන් ඔබට කොළ පති තීරුවක් මත ඔබේ ඩොන්ගලයේ unlock code එක දිස්වනු ඇත.
දැන් ඔබේ ඩොන්ගලය වෙනත් දුරකථන ජාලයක වූ සිම් පතක් යොදා පරිගණකයට සම්බන්ධ කරන්න.ඩොන්ගලයේ මෘදුකාංගය මගින් unlock code එක විමසු විට ඉහත වෙබ් පිටුවේ ඇති unlock code එක ලබා දෙන්න.එවිට ඔබේ HUWAWI ඩොන්ගලය unlock වනු ඇති අතර වෙනත් ඕනෑම ජාලයක සිම්පතක් භාවිතයෙන් ඔබට අන්තර්ජාලයේ සැරිසැරීමට හැකි වනු ඇත....
ඔබගේ ඩොන්ගලයත් unlock කර ගැනීමට දැන්ම උත්සහා කරන්න.උදවු ගැනීමට කමෙන්ටුවක් දාන්නකෝ...

Tuesday, January 15, 2013

අපේම කියලා බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද? - 05

දැන් බලමු අලුත් Gadget එකක් හෝ වෙනත් Java script  ඒකක් එකතු කරගන්‍නෙ කොහොමද  කියලා.මුලින්ම කියන්න ඕන මේ ගැන කියන්න මන් වෙනත් බ්ලොග් එකකින් උදවු ගත්ත කියන එක.මුලින්ම ඔයාලා බ්ලොගර් වල ඔයාලගේ බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොග් වෙන්න.එකේ ඔයාලගේ බ්ලොග් එකට ඇතුල් වෙලා වම පැත්තේ ඇති layout නම් ටැබ් එක ක්ලික් කරන්න.ඊටපස්සේ තමන් කැමති තැනකින් Add Gadget ක්ලික් කරන්න.
දැන් ලැබෙන ලිස්ට් එකෙන් පුලුවන් ඔයාට කැමති දෙයක් එකතු කරගන්න.
වෙනත් Java script  එකතු කරගන්න අවශ්‍ය නම් HTML/Java script ක්ලික් කරන්න.
දැන් ඔයා දාන ගැජට් එකට මාතෘකාවක් දානවනම් දන්න. Content කියන තැනට Java script  එක paste කර save කරන්න.
(පින්තුර 12)
පොඩි දෙයක් අමතක වුනා අනවශ්‍ය ගැජට් ඉවත් කරද්දි ඔයාට සමහර අවස්ථා වලසදි සමහරක් ගැජට් වෙනස් කරන්න බැරි වේවි.එසේ වෙනස් කරන්න බැරි ඒකේ නම බලාගන්න.
ඊ ලගට template වලට යන්න
Edit HTML ක්ලික් කරන්න.
ක්ලික් proceed
Expand widget Template කියන තැන බොක්ස් එකේ ටික් එක දාන්න දැන් Find බෝක්ස් ඒකේ අර ගැජට් එකේ නම ටයිප් කරන්න.අර කලින් වගේම ඒ නම කොල පාටින් හයිලයිට් වෙනවා පෙනේවි ඒතන ක්ලික් කරන්න.
<b:widget id='Attribution1' locked='true' title='' type='Attribution'>   true  වෙනුවට false ලෙස ටයිප් කර save කරන්න.දැන් Layout වලට ගිහින් අදාල ඒක අයින් කරගන්න හෝ වෙනස් කර ගන්න පුලුවන්.
හොදයි දැන් බලමු කොහොමද පහල තියෙන Design By , copyright , Powered by  වැනි ස්ථාන වෙනස් කරන්නේ කොහොමද කියලා.
template වලට යන්න  - Edit HTML ක්ලික් කරන්න - ක්ලික් proceed  දැන් එන වින්ඩො එකේ පහලටම යන්න . දැන් ඔයාලට පහත අකාරයට පෙනේවි.

Copyright © 2011 <data:blog.title/> | Powered by Blogger

Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Laundry Detergent Coupons

ඉහත ස්ථාන ඔයාට කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්.හැබැයි ඒක අපට අවසර නැතුව තමා කරන්න වෙන්නේ.අපේ බ්ලොග් එකේ අපේ විස්තර එපයි දාන්න.ඉතින් මෙතනින් ඔයාලගේ වෙනස් කම් සිදු කර save කරන්න.
ඕයාගේ බ්ලොග් එකේ Footer ඒක වගේම Header එකත් ලස්සන කරගන්න ඕනනේ.ඒක කරන්නේ Layout වලට යන්න දැන් ඉහලම ඇති  Header කියලා.එකේ Edit ක්ලික් කරන්න.
දැන් ඔයාට පුලුවන් නම වෙනස් කරන්න  Blog Description එකක් දාන්න තව නම ලස්සනට ෆෝටෝ ෂොප් වලින් එහෙම හදලා දාන්න එහෙම මෙතන්න පුලුවන්.
Image එකක් දානවනම් Image කියන තැනට ගොස් ඔයාගේ compute එකේ තියෙනම් From your computer කියන තැනින් බ්‍රවුස් කරලා අදාල Image එක දාගන්න පුලුවන්.
හොදයි දැන් බ්ලොග් එක හදලා ලස්සන කරලා ඉවරයි දැන් තියෙන්නේ ඒකට post (ලිපි) දාන්න.කොහොමද බලමු post එකක් දාන්නේ කොහොමද කියලා.
ඔයාගේ බ්ලොග් එකේ මුලින්ම ඇති post කියලා ඒක හෝ ඉහලම ඇති පැන්සලක ලකුනක් ඒක ක්ලික් කරන්න.

දැන්  post කියන තැන post ඒකේ නම හා පහලින් විස්තරය ටයිප් කරන්න.ඒ සමගම ඉහලින් ඇති ටුල් බාර් මගින් ඔයාගේ ලිපිය ලස්සන කරගන්න පුලුවන්. පින්තුර විඩියෝ ඒ වගේම අකුරු සයිස් වෙනස් කරන්න බෝල්ඩ් කරන්න පුලුවන්.එසේ වෙනස් කර අවසානයේ publish ක්ලික් කරන්න.දැන් ඔයාගේ ලිපිය එකතු කර අවසානයි.මේ අකාරයට ලිපි ඒකතු කල හැකිය.

දැන් මම හිතනවා ඔයාලට පුලුවන් වෙවි තනියම බ්ලොග් එකක් නිර්මාණය කර ගන්න.ඒ තුලින් ආදායමක් හොයාගන්නත් පුලුවන්.ඉංග්‍රිසියෙන් ඔයාගෙම ලිපි දාලා බ්ලොග් එක කලොත් ඔයාට පුලුවන් ගුගල් ඇඩ්සෙන් හො වෙනත් ඇඩ් වර්ග භාවිතා කර ඒ තුලින් අමතර අදායමක් උපයන්න.මම මෙ ලිපිය ලියන්න ගොඩක් මහනසි වුනා.ඔයාලා මෙක බලලා ඔයාලගේ අදහස් කියලා යන්න අමතක කරන්න ඒපා.
ඉදිරියෙදි බ්ලොග් එකට දැමිය හැකි වෙනත් ගැජට් ගැන පෝස්ට් එකක් දාන්න ඉන්නේ.ලගදිම ඒ පෝස්ට් එකත් දානවා.මේ සම්බන්දව ගැටලු තියෙනම් කියන්න.