Blogroll

Follow us on Facebook

Followers

Sunday, April 14, 2013

රබන් හඩට බඹරු නටන ලස්සන ගම්මැද්දේ කොහෝ නුඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ...

   


  මේ කවි පදය නොදන්නා කෙනෙක් මේ ලංකාවේ ඉන්නනම් බෑ..සිංහල දෙමළ කොයි කාගේත් සිත් සතුටු කරමින් දැන් අලුත් අවුරුද්ද උදා වී අවසන්ය...හැමතැනම අවුරුදු සද්දේ ඇසේ.හැමෝම සතුටින් අවුරුදු සමරයි..කැවුම් කොකිස් වල රස බලන්න දැන් හොදම කාලයයි.පොඩි නංගිලා මල්ලිලාට තමා අවුරුදු එනකොට ගොඩාක්ම සතුටු.මොකද කියනවනම් අලුත් අවුරුද්දේ හම්බෙන අලුත් ඇඳුම් ඇදගෙන හැමෝම එක්ක නෑගම් යන්න යාළුවොත් එක්ක සහෝදර සහෝදරියන් එක්ක සෙල්ලම් කරන්න මේ වගේ කාලයක් තවත් කොයින්ද..කාරණා කාරණා මෙහෙම වෙද්දී මන් මේ අපේ අලුත් අවුරුදු සැමරීම ගැන පොඩි පසු සටහනක් තියන්නයි මේ වැයම..
" රබන් හඩට බඹරු නටන ලස්සන ගම් මැද්දේ
කොහෝ නුඹත් ගී කියාන් සිංහල අවුරුද්දේ "

       මේ පද පේලි දෙක කොයි තරම් සරල උවත් මෙහි ගැබ්වී ඇති අර්ථය වඩාත් කාලෝචිත වන බව මගේ හැගීමයි..අවුරුදු මාසය එනම් බක් මාසය තමා ගොඩක් පලතුරු ගස් වල මල් පිපිලා ඵල වලින් බර වෙන්නේ.මේ ගස්වල පිපෙනමල් වල රොන් ගන්න බඹරු මී මැස්සන් පොදි ගැසේ.අවුරුදු මාසය පැමිණි විට ගම් වල උදවිය රබන් වයමින් අවුරුදු එන බව ගමටම හඩ නගා කියයි.ඒ අපි අවුරුදු එන බව කියන හැටිනේ.හැමෝම දන්නා තවත් එක්කෙනෙක් අවුරුදු ලග බව අපි හැමෝටම කියනවනේ.කවුද මෙයා...
        වෙන කවුරුවත් නොවේ ඒ කොහානේ.බක් මාසේ කිට්ටු වෙනකොට කොහා කෑ ගසන සද්දේ ගම් පුරා ඇසේ.ඒ සද්දේ ඇහෙන කොට ඉතින් අපේ ඇගට නිකම්ම අවුරුදු ලග එන බව යම් හැගීමක් දැනෙනවනේ..මේ හැම දෙයක්ම අර පුංචි පද පේලි දෙකෙන් අපිට කියනවා නේද.ඇත්තටම මේ පද පේලි රචනා කලේ කවුරුන්ද කියලනම් මන් දන්නේ නෑ.ඒ ගැන දන්න කෙනෙක් මටත් කියන්න.මට කියන්න පුළුවන් අනිවාර්යෙන් ඒ පුද්ගලයා නම් ගමේ හදුනා වැඩුන ගමේ කම දන්නා පුද්ගලයෙක්..
   මේ කෙසේ උවත් කණගාටුවට කාරණාව නම් මේ අවුරුද්දේ නම් මට තාම කොහෙක්ගේ සද්දයක් අහන්න නොලැබුන එක.කුමන අරුමයක් ද මන්දා ඉස්සරනම් අපිට කොහා හොදට පුරුදුයි.එත් දැන් බක්  මාසේ කොහා නෑ.කොහා එන්නේ අවුරුදුත්  පහු වෙලා අවුරුදු දැන් ඉවරයි කියන්න.අනේ ඇයි මෙහෙම දෙයක් උනේ.ඇත්තම කාරණය නම් මේ බක් මාසය තමා කොහාගේ ප්‍රජනක අවදිය.ඉතින් බක් මාසේ කිට්ටු වෙනකොට කොහා තමන්ට සහකාරියක් හොයා ගන්න තමන්ට ලැබිලා තියෙන මිහිරි කටහඩ අවදි කරනවා.මන් කියන්නේ බොරුවක්නම් කොහෙක් කෑ ගසන වෙලාවක ඔයත් ඒ වගේම කෑ ගහල බලන්න කොහා පිස්සුවෙන් වගේ කෑ ගහන් නැද්ද කියලා.ඒක තමා ස්වභාව ධර්මය.ගැමි ජිවිතේ සිදුවන බොහෝ දේවල් අපේ අවට ස්වභාව ධර්මයා හා බැදී තිබුනා.එත් දැන් ඒ ගම් නගර වෙලා.කැලෑ කාන්තාර වෙලා.අහස උසට කොන්ක්‍රීට් තට්ටු.රට වටේට ගම් මැදින් යන නුල් පාරවල් වගේ හැමතැනම පාරවල්.යාන වාහන අදිකයි.මේ දේවල් එක්ක ඉස්සර තිබුන සොඳුරු ගැමි පරිසර අපිට නැති වෙලා ගිහින්.මිනිසුන්ගේ ක්‍රියාවන් නිසා පාරිසරික සිද්දි සියල්ල කණපිට හැරිලා.කොහා කෑ ගහන කාලේ කොහා නෑ.වැස්ස ඕනි කලේ දැන් වැස්ස නෑ.පායන කාලේ හොඳට වහිනවා.මේ හැමදේටම වගකියන්න ඕනි අපිම තමා.මේ විදිහට යන ලෝකේ අන්තිමේදී නතර වෙන්නේ කොයි තැනකද කියලා මටවත් හිතාගන්න අමාරුයි..
         මන් මේ කිව්ව කාරණා ගැන පුංචි හරි වැටහීමක් ඔයාලට තියේනම් අපිට දැන් මේ තියෙන ගැමි ජීවිතෙත් අනාගත පරපුරටත් ඒ අයුරින්ම දැකබලාගන්න කුමන හෝ අයුරකින් කටයුතු කරනු මැනවි..

ඔබ සැමට සුභම සුභ සිංහල හින්දු අලුත් අවුරුද්දක් වේවා.!


Saturday, April 13, 2013

මටත් හාද්දක් අනේ.......

සුසිලා -: 'ඔයා දන්නවද වැඩක් ' කන්තෝරු යාමට සුදානම් වූ පාලිතගෙන් විමසුවාය.

පාලිත -: 'නෑ ,කියන්නකෝ බලන්න.'

සුසිලා -: 'අල්ලපු ගෙදර එක්කෙනා උදේ ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලා කාන්තිට හාද්දක් දීලයි යන්නේ.ඔයා කවදාවත් එහෙම කරන් නෑ.(සුසිලා පැවසුවේ නෝක්කාඩුවට මෙනි.)

පාලිත -: 'මම එහෙම කරන්න අකමැතිව නෙමේ..සුසී ඒ උනාට මන් කාන්තිව අදුනන්නේ නෑනේ....