Blogroll

Follow us on Facebook

Followers

Monday, October 13, 2014

ගලන ගඟකි ජිවිතේ.....






ජීවිතය ගලන ගඟක් සේය 
විටෙක නිදහසේ ගලයි
විටෙක රළු වන්නේය
කෙලෙස වුවද ගඟ
දිගටම ගලා යන්නේය
එලෙසම අපේ ජීවිතෙත්
දුක් කරදර මැදින්
සතුටු කදුළු මැදින්
අවසානය තෙක්ම
ගලා යන්නේය....
පහුවෙන ගල් මුල්
ජීවිතේට එන දුක් කරදර
විලස හැගෙන්නේය
ගංගාවල් කොපමණ කෙලෙස ගලුවද
ගඟක ජලය අඩු වුවද
ජලය වැඩි වුවද
පිරිසිදු ජලය හෝ බොර ජලය
ගලා ගියද
සියල්ලේම අවසානය
මහ මුහුද විලසින්ම
අපේ ජිවිතත්
දුප්පත් පෝසත් විලස
සැප දුක විදිමින්
ගලා ගියද
අවසානය එකම බව
ඇයිද මේ මිනුසුන්
තේරුම් නොගන්නේ?

2014 – 10 – 10

4 comments:

  1. අප්පටසිරි මාස අටකට විතර පස්සේ

    ReplyDelete
  2. හප්පේ ඔව්නේ...ගොඩ කාලෙකින් පොස්ටුවක්වත් දාන්න වෙලාවක් ආවේ..කැම්පස් පටන් ගත්තනේ..ඉතින් ටිකක් වැඩ වැඩි උනා..එළකිරි කමෙන්ටුවට...නැවත එන්න..

    ReplyDelete
  3. ඕක හැම එකාම තේරුන් ගත්තම මොකක්ද මේ ලොකෙන් ඇති වටිනාකම බං...

    ReplyDelete
  4. ඒක එක එක්කෙනා හිතන විදිහට වෙනස් වෙනවා..ඒකට මං කියල මොනා කරන්නද? නෙහ්!
    බොහොම ස්තුතියි අදහස් දැක්කුවට..නැවත එන්නෝ...

    ReplyDelete