සෙව්වා මමත් දුකසැප කිමැයි විමසා
සෙනෙහස ඉසින මිතුරියක්
සෙව්වා මමත් ඒ සෙනෙහසේ කලණ මිතුර
නුඹ කියා...
එසෙයි මගේ සිත පෑරුණු එලෙස
විරසක වෙලා සිටියත්
මටම නොවැටහෙන මගේ සිත
ලෙන්ගතු වුණු නුඹට
ඇත්තෙන්ම.....
දයාබර සොයුරියක් වුනා නුඹ
ජීවිතය ඇති තුරාවට අමතකව නොයන ලෙස
සත්තයි මා තරහ නෑ නුඹ සමඟ ....
පුංචිට කියන්න නියමයි කියලා පද ටික
ReplyDeleteඅනිවා මම කියන්නම්...තැන්ක්යූ හොදේ....
Delete
ReplyDeleteපුංචි මොකෑ මෙහෙම ලිව්වෙ. යාලුවෙක් අමනාප වෙලාවත්ද. හිතට වදිනව ඇ. දකින්න ඕන කෙනා දැක්කොත් හොයාන එයි.
මාත් හිතන්නේ එහෙම තමා.ඒත් මන් පුන්චිගෙන් ඇහුවේ නෑ ඔය ගැන...දැන්නම් හිතෙනවා අහන්න ඕනි කියලා...තැන්ක්යූ සහෝ....
Deleteනියමයි නේ.. සැබෑ යාළුවො තරහ වෙන්නේ නෑ තමයි. ඔබේ පුංචිත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති.
ReplyDeleteඑල..එක ඇත්ත..සැබෑ යාළුකම් නොහදුනන අයත් ඉන්නවා නොවැ..
Deleteසැබෑ යාළුවො ලබන්න මාත් පින් කරලා තියෙනවා..ගොඩක් සතුටුයි..
ජය වේවා මිතුරිය ඔබට...කාටද බං මේක ලියල තියෙන්නේ..
ReplyDeleteඋබටත් ඒක ප්‍රශ්නයක් නේ..මන් තාම ඇහුවේ නේ බන් ඒ ගැන...
ReplyDeleteතැන්ක්යූ හොඳේ ආවට....ආයි තැන්ක්යූ....
ලස්සන පද ටිකක්.අහිංසක වැඩිද මන්දා.
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
තැන්ක්යූ තැන්ක්යූ සහොදරී..මන් ඔන්න ගොඩ වැදුනා...
Deleteඅහිංසකයි තමයි නොකිව්වට...