සැප දුක අපි එකටම
වින්දේ
එක බත් පත වට වී
කෑවේ
විහිලු තහළු
කරමින්නේ
සැමදා සතුටින්
උන්නේ
බොරුවට හරි ඔබ
මිතුරේ
තරහ තියන් හිනා උනා
මතක නැද්ද මගේ
මිතුරේ
සැමදා අපි එකම
සොයුරෝ
නැත මටනම් අමතක
වෙන්නේ
අදත් මතුවටත් මටනම්
එලෙසයි
ඔබ හැම මගේ මිතුරන්
වෙන්නේ
ආසයි නැවතත් යන්නට
ඇත්නම්
අපේ සොදුරු ඒ පාසල්
කාලේ
බැහැ නොවැ මිතුරේ
වෙනස් කරන්නට
අපේ අරුම මේ ජිවිත
ගමනේ
හැල්මේ දිව්වත් අපි
ජිවිතේ
මොහොතක් හරි වැය
කරමි මිතුරේ
ඔබ හැම වෙනුවෙන්
ඔබ හැම කල උදවු නැත
කිසි දින නොමැකෙන්නේ
ඒ හැම සැමදා මතකින්
සමරන්නේ
පතනෙමි මිතුරේ හද
පිරි සතුටින් මා
පෙර භවයේදීත් අපි
එකටම වෙන්න
උනයි මිතුරේ නෙතට
කදුලක් ඔබ සිහිවෙද්දී
ඔබ කල උදවු සිහි වී
සතුටට වන්නේ
කලේ නැත වරදක්
හිතකින්වත් මා මිතුරේ
නොදැන උනත් වරදක්
සිදුවීනම් මාගෙන්
සමාව අයදින්නෙමි
මිතුරේ හද පතුලෙන්
අදහස් ගලයි මිතුරෝ
ගැන වැල නොකැඩි
ඒත් ලියන්නට මට
සීමාවක් ඇත්තේ
දුකින් උනත් මා
ඉන්නේ මගේ සොයුරේ
සමුගන්නෙමි
මෙලෙසින් මා සිතුවිල්ලෙන්
මොකද්ද මේ බෑගිරිය..??
ReplyDeleteඅනේ කෂ්ටිය මට සමව දෙන්ඩ ඕනි කමෙන්ට් වලට රිප්ලයි දාන්න පරක්කු උනාට.අපේ නායකත්ව පුහුණුව තිබුන නිසා වැඩ ටික අවුල් උනා..
Deleteමේක මේ මට පරණ අපේ යාලුවෝ මතක් වෙලා හිතට ආව අදහස් ටිකක් තමයි..
හ්ම්ම්ම් ඔව් සොයුරේ
ReplyDeleteසතුටුයි කමෙන්ට් කලාට
Deleteඒ ගමන මොකක්ද උඹට වුනේ ..?
ReplyDeleteයාලු ෆිට් එක හදුනා බන්.ගණන් ගන්න එපා..
Deleteඅඩන්න එපා...
ReplyDeleteඅඩුවේ නෑ අනේ ඇඩෙනවා..මෙහෙම වෙනකොට
Delete// ආසයි නැවතත් යන්නට ඇත්නම්
ReplyDeleteඅපේ සොදුරු ඒ පාසල් කාලේ// ඒක අපි හැමෝටම හිතෙන දෙයක්...
ඒකනම් ඇත්ත..මොන කරන්නද?දුක තමා...
Deleteඔබටත් ඔබේ පවුලේ සැමටත් එසේම වේවා....ජය වේ....
ReplyDelete