ජිවිතයට නුඹ පහන් එලිය විය
නුඹ ආලෝකය වී මාගේ දිවියම
සැමදාටම නුඹ එලිය කළා අම්මේ
නුඹයි මගේ ආලෝකය අම්මේ ....
අම්මේ....අම්මේ.....මං නුඹට ආදරෙයි අම්මේ.....//
උණු කඳුලක් වූ නුඹගේ ජිවය
ණය වී මා හට සැනසුම සෙව්වේ
හිත යට ගින්දර තබාගෙනත් නුබ
සැමදා මාහට සිසිලස දුන්නේ
අම්මේ .......අම්මේ..........මං නුඹට ආදරෙයි
අම්මේ....//
මතු යම් දිනයක නුඹගේ පොඩි පුතු
අත්වැල වී නුඹේ ලග ඉන්නම්
අම්මේ නුඹ මම දිවමාලිගයක වැඩහිදුවා
නුඹගේ හිරු සදු වී ඉන්නම්
අම්මේ....අම්මේ.... මං නුඹට ආදරෙයි අම්මේ...//
ලොව තුල
පවතින උතුම්ම සෙනෙහස මව් සෙනෙහසයි..එයට අප සදා ණය ගත්තෙමු...
ලිව්වේ -
එම්.රොෂාන් උදයසිරි(ජිවිතයේ ලද සත්‍ය සිදුවීමක් ඇසුරිණි)
No comments:
Post a Comment