මේකේ කතා නායකයා කුමා කියලා කෙනෙක්.කුමා ලංකාවේ උනාට කොලු ගැටයා කාලෙම ඌ
ලංකාව දාල ගිහින් ස්වීඩනයට.ඔය දැන් කාලේ ඉන්න සමහරුත් එහෙමනේ..කුමා හැබැයි ගිහින්
තියෙන්නේ තනියෙන් නම් නෙමෙයි.අම්මා,තාත්තා,අක්කලා,නංගිලා එක්ක තමයි.උප්පත්තියට පින් සිද්ද
වෙන්ඩ කුමාට හොදට ඉංග්‍රීසී හොඳට පුළුවන්ලු.ඒ කුමාගේ තාත්තා ලංසි කාරයෙක් නිසා.ඒත්
කුමා ලංකාවේ ඉගෙන ගන්නකොට හැමදාම පන්තියේ අන්තිමයාලු.ඒක නිසා හැමදාම බැනුම් පිට
බැනුම් අහනවලු.ඒත් ස්වීඩන් ආවට පස්සේ නම් මිනිහා වරද්දන් නැතිව පාසැල් ගියාලු.කවුද
දන්නේ මිනිහට ලංකාව ඇලජික්ද දැන් නෑනේ.කොහොමින් කොහොම හරි කුමා පාසල් වැඩ ටික හොඳට
කරගෙන ගියාලු.කුමාට වයස 16-18 වෙනකොට කුමාගේ හොඳම මිතුරන් වෙලා හිටියේ ස්වීඩන් වල
ස්ටොක්හොල්ම් නගරයේ ජිවත් වෙච්ච හෙන හයි පයි පොරවල්ගේ ළමයිලු.මාරයි නේ.ඒ ළමයිගේ
අම්මලා තාත්තලා වෛද්‍යවරු ඉංජිනේරුවෝ නීතිපති වරුන් පොලිස් නිලදාරීන් ආදී නොයෙක්
අය නිසා කුමාට මේ අයව හොඳට ආශ්‍රය කරන්න හම්බෙලා.දැන් හොලිවුඩයේ හොද නමක් දිනාගෙන
ඉන්න ජනප්‍රිය නලුවෙකුත් මේ අතරේ උන්නලු.නම නම් මගෙන් අහන්න එපෝ.ඒ කුමා ඉංජිනේරු
පිඨයේ ඉගෙන ගන්න කාලේ ඒ නළුවත් ඉංජිනේරු පිඨයේ ඔවුන්ගේ සගයෙක් නිසා.කුමා ඇසුරු කල
ඒ මිතුරාද අනෙක් මිතුරන්ද ගෑනු දඩයමේ හෙන රුසියෝලු.කුමාගේ ඇතැම් මිතුරන්ට කෙල්ලෝ
තුන් හතර දෙනා හිටියලු.ඒ විතරක්යැ මුන්ගේ වැඩ ඔක්කොම එලිපිටලු.ආයි ලංකාවේ වගේ එක
කෙල්ලෙක් දාගෙන පනින පැනිලි එහෙ නෑලු.ඔක්කොම එලි පිටලු.
“උඹට තාම
කෙල්ලෙක් දැලේ දාගන්න බැරුව දගලනවා.ඒකට බලපන් අපි”
කුමාගේ සගයන් කුමාට එහෙම කිය කියා පාච්චල් කරනවලු.ඒ විතරක් නෙමෙයි සගයන් හා
ඔවුන්ගේ කෙල්ලන් සමඟ ඇති ලිංගික සම්බන්ධතා ගැනද කුමාට කියවනවලු.කුමාත් ඉතින්
අසරනයිලු.මොකද ලංකාවේ කොල්ලෝ ලජ්ජා බයට හැදිච්චි කොල්ලොනේ.
කුමා ඉංජිනේරු පීඨයට ආවේ ගියේ උමං දුම්රියෙන්ලු.ඒක නිසා කුමාලගේ ගෙදර ඉදන්
විනාඩි විසිපහක් තිහක් වෙනකොට කුමාට ඉංජිනේරු පීඨයට යන්න පුළුවන්ලු.කුමා හැමදාම මේ
උමං දුම්රියේ අවේ ගියේ පිටිපස්සේ පෙට්ටියෙලු.හැමදාම වගේ ඒ පෙට්ටියේ යන එන ගෑනු
කෙනෙක් කුමා ගැන උනන්දුවෙන් බැලනවලු.කිහිප දිනක් ඔහොම යනකොට දන්නෙම නැතිව කුමාත් ඒ
ගෑනු කෙනා ගැන හිතන්න ගත්තලු.ඒ කුමාගේ සගයන් කියන කතා නිසාලු.බැලු බැල්මට ඒ ගෑනු
කෙනා කුමාට වඩා අවුරුදු පහ හයකින් වැඩිමල්ලු.දවසක් කුමා ඒ ගෑනු කෙනා එක්ක කතාවට
වැටුනලු.ඇය ඉපදී ඇත්තේ තුර්කි වලයි.ඒ වුනාට කුමා වගේම පොඩි කාලේ ඉදන් ඉදලා
තියෙන්නේ ස්වීඩන් වළලු.ඇය වයසින් 25 ක් ලු.යුරෝපයේ මේ වගේ සම්බන්දතා වලට වයස්
බේදයක් නැහැලු.අවුරුදු විස්සේ තිහේ කොල්ලෝ හැටේ හැත්තෑවේ කාන්තාවන් සමඟ දිවි
ගෙවනවලු.ඒක නිසා මේ ගැන අරුමයක් නෑ.දැන් වැඩේ එල කිරට යනවලු.කුමා දැන් ඒ කාන්තාවගේ
පෙම්වතා වී අවසන්..
“මටත් කෙල්ලෙක් ඉන්නවා.”
කුමා තම සඟයන්ට කිව්වේ උජාරුවෙන්ය.
“ඔයා
මගේ ගෙදර එන්න.”
දිනක්
ඇය කුමාගෙන් එලෙස ඉල්ලීමක් කලාලු.ඒ කුමාට අයගෙන් ලැබුණු එකම ඉල්ලීම නිසා කුමාටත්
හොද සුදානමකින් ඇය වෙත යා යුතු විය.කුමාගේ එක වැඩිමල් සහෝදරියක් විවාහ වී සිටියේ
ස්වීඩනයේ දන කුවේරයෙකු සමඟය.එම සොයුරියට ෆෙරාරි මෝටර් රථයක් ඇතුළු මෝටර් රථ
ගණනාවක් තිබී ඇත.මේ කාලය ස්වීඩනයේ ග්‍රීෂ්ම කාලයයි.කුමාට අදහසක් පහල විය.ඒ
පෙම්වතිය බලන්නට හොදට සැරසී යන්නටය.අනික කුළුදුලේ බැදී පෙමනේ..කුමා තම සොයුරිය මුණ
ගැසෙන්නට ගියාලු.
“අක්කේ !මට
අක්කගේ ෆෙරාරි එක පොඩි වැඩකට ගන්න පුලුවන්ද?”
කුමා සහෝදරියගෙන් ඉල්ලීමක් කලේය.
“ඇයි?,ඒ මොකටද?”
සහොදරී විමසුවාය.
“මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව හම්බෙන්න.”
කුමා ඇත්තම කිවේය.......
“කන්ග්රජුලෙෂන්”
මල්ලිට
පෙම්වතියක් ලැබීම ගැන අක්කා සතුටු වෙලා,අක්කා ෆෙරාරි රියට අමතරව මල්ලිට අමතර
මුදලක්ද දුන්නාලු .ඒ පෙම්වතියට චොකලට් එකක්,මල් පොකුරක්,වයින් බෝතලයක් අරන් යන්නට
උපදෙස් දෙමිනි.කුමා අක්කට නොසෑහෙන සේ ස්තුති කළේය.අක්කා කියූ ලෙසම පෙම්වතියට
චොකලට් එකක්,මල් පොකුරක්,වයින් බෝතලයක් ද රැගෙන ෆෙරාරි රියට නැගී පෙම්වතිය මුණ ගැසීමට
ඔන්න කුමා ගියාලු.
පෙම්වතිය
පදිංචි වී සිටියේ මහල් දොළකින් යුත් මහල් නිවාසයක ඉහලම මහලෙලු.මේ කියන වෙලාව
හරියටම රෑ 8 කනිසමලු.ඔන්න දැන් කුමා ගිහින් ගෙදර දොරට තට්ටු කලාලු.පෙම්වතිය ඇවිත්
දොර ඇරලා,
“එන්න වාඩි වෙන්න,මම ඉක්මනට වොෂ් එකක් අරගෙන
එන්නම්.”කියලා ඇය ගිහින්.
පෙම්වතිය
නාන කාමරයට ගිය නිසා කුමා හරි බරි ගැසී සාලයේ සුවපහසු අසුනක වාඩි වෙලා ඉදිරියට කරන
දේවල් ගැන හිත හිතා හිටියලු.ඒ වෙලේ ඇත්තටම කුමාගේ හිතේ නලියමින් තිබුනේ ඔහු ගෙනා
වයින් බෝතලය හොදට සප්පායම් වී පෙම්වතිය සමඟ යහන ගත වීමය.ඒ ඔහුගේ සගයන් කියූ අපූරු
කතා සිහියට ඒමත් සමඟය.මිනිත්තුව දෙක ගත් වුනේය.අවසානයේ එය මිනිත්තු පහළොව විස්ස
දක්වා ඇදී ගියේය.පෙම්වතිය නන කාමරයෙන් එලියට එන පාටක් නැත.ඔහු දැන් ඇගිලි ගැන ගැන
උන්නලු.මොනවා හිතෙනවා ඇද්ද නේද?මොකෝ මේ මිනිහගේ පළමු අත්දකිමනේ....
ඔන්න එකපාරටම කවුද ඉස්සරහ දොරේ අගුල කරකවන සද්දේ
කුමාට අහුනලු.ඊළඟට දොර අරින සද්දෙත් දොර වහන සද්දෙත් කුමාට අහුනලු.කුමාටත් දැන්
හෙනට මල..මොකද ආතල් එකක් ගන්න ආව දවස කන්න එන කාලකන්නිය නිසා.
“සමහර විට මේ කෙල්ලගේ අම්මා හරි තාත්ත හරි වෙන්න
ඇති.එහෙම උනොත් නම් වැඩේ බකස්.”
කුමාට දැන් එහෙම හිතුනලු.
අනෙක මේ පෙම්වතිය කුමාට ඇයගේ පුද්ගලික විස්තර
කිසිවක් කුමට කියා තිබී නැත.කුමාද ඒ ගැන විමසා නැත.අනික මේක උනේ ලංකාවෙත්
නෙමෙයිනේ.යුරෝපයට කුල මල වයස් භේද නැහැලු.මේක අහපුවම ඉතින් අපේ ගොයියලටත් එහෙ යන්න
හිතෙනවා ඇති නේ..කාරී නෑ.කාරී නෑ..
ඔන්න දැන්
දොර ඇරිය කෙනා ගේ ඇතුලට ආවලු.ඒ පිරිමියෙක්ලු.පෙනුමෙන් අමුතුයි,රෞද්‍රය.නිවසේ සාලය
පසු කරලා ඒ මනුස්සයා කුස්සිය දිහාවට යනවා කුමා බලා හිටියලු.ඒ කුමා දෙසටද බැල්මක්
බලමින් නිසා කුමා තුෂ්නිම්භූත වෙලා.
“මේ මොන පෙරේතයෙක්ද ,කොහෙන් පාත් උනාද මන්දා.”
කුමා ඔහුටම කියා ගත්තලු.මල පැනින් නැද්ද අනේ මෙහෙම
වෙනකොට..
ඔන්න කුස්සියට ගිය මනුස්සය දැන් එනවලු,ඒ නිකන්
නෙමෙයි උල් පිහියකුත් අරන්.කුමාට උන් හිටි තැන් අමතක උනාලු.ඒ නිවසේ දොර ඇරුනේ
කෙසේදැයි ඔහුට අමතකයිලු.ඒ විතරක්ද මහල් දොළහක් උස ඒ නිවසින් පහලට බැස්සේ විදුලි
සොපානයෙන්ද තරප්පු පෙළ මතින්ද යන්නවත් කුමාට අමතකය.එමෙන්ම ෆෙරාරි රියේ වැඩි වුයේ
කෙසේදැයි ඔහුට අමතකය.කෙසේ වෙතත් රියද පන ගන්වාගෙන කුමා ගෙදර පමිනියාලු.මාරම
සිද්දිය කියන්නේ කුමාට මළ මුත්‍ර පහ වී තිබීමය.ඔහුටත් ඒ රාත්‍රියේ නින්ද ගියේ
නැහැලු.ඒ මාරක දසුන හිතට පමණක් නොවැ ගතටද වද දුන්නේය.පසුවදා ඔහු උමං දුම්රියෙන්
ඉංජිනේරු පිඨය බලා ගමන් කරාලු.එත් එදා වෙනදා වගේ ඔහුගේ පෙම්වතිය දුම්රියේ හිටියේ
නැහැලු.ඔහු හිටියේ ඇය එදින මුණ ගැසී සිදුවූ දේ පැවසීමටය.එහෙත් ඇය නොපමිනියාය.
නමුත් එදා කුමාට මුණ ගැසී තිබුනේ කලක සිටම
ස්වීඩනයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකි.
“මම දැක්කා මල්ලි අර ගෙදර ඉදලා පැනලා දුවනවා.ඒක
මාර දිවිල්ලක්නේ.මල්ලි මොකටද ඒ ගෙදරට රිංගුවේ?”
”මොන ගෙදරටද?” කුමා අසා ඇත්තේ නොදන්නා ගානටය...
“අර ගෑනිගේ ගෙදරට,ඇයි මල්ලි ඒ ගනිව ඇදුරන්
නැද්ද?මන් ඉන්නේ ඒ ගෙදරට ඉස්සරහ ගෙදරනේ.”
ඒ ශ්‍රී ලාංකිකයා අසා ඇත.
“එයාව මන් අදුරනවා.එකයි ගියේ.”
තවදුරත් සැගවිය නොහැකි නිසා කුමා එසේ කියා ඇත.
“බලාගෙන මල්ලි,ඒ ගැනිගේ මිනිහව ගේ අතුලේදීම මාස
හයකට ඉස්සර වෙලා පිහියෙන් අනලා මරලා දාලා තිබුනා.හේතුව ඒ ගැනිගේ නරක හුටපටයක්ලු.ඒ
ගෙදර දැන් හොල්මන් තියෙනවලු.මල්ලි බලාගෙන පරිස්සමින්.අපිත් දැන් ඒ පැත්තෙවත් නොයිද
වෙන පැත්තකට මාරු වෙන්නයි ඉන්නේ.”
ඒ ශ්‍රී ලාංකිකයා දැනමුතුකම් දුන්නලු.ඉතින් එයින්
පස්සේ කුමා ජීවිතේට ඒ ගෑනි හම්බුනේ නැතිලු.මේ කතාව කියල ඉවර වෙනකොටත් කුමාගේ ඇගේ
මයිල් කෙලින් වෙලා දාඩිය දාළලු....
කතාව එලනම් අනිවා කමෙන්ට් දාල යන්ඩෝ............
අදමද මන්දා මං ගොඩවැදුනේ මේ පැත්තට.. කොහොම හරි දැන් පාර දන්නවනේ එන්නම් දිගටම. ෆලෝ පාරකුත් දැම්මා ඔන්න.
ReplyDeleteඔවු ඔවු .සාදරයෙන් පිළිගන්නවා නලින්ව...ඒ වගේම දිගටම අපිත් එක්ක රැදිලා ඉදි කියලා මං විශ්වාස කරනවා..එල තැන්ක්යූ...
ReplyDeleteඑල කතාව,,,,ඔන්න මමත් ෆලෝ පාරක් දැම්ම ,,,
ReplyDeleteඑල එල ..තැන්ක්යූ...මගියා මේ පැත්තේ ගිමන් නිවා ගන්න ආවනේ...
ReplyDeleteහොදයි මචං කතාව එල ...දිගටම එන්නම් ,
ReplyDelete(ආයේ මේ වගේ කතාවක් ලියද්දි මචං "ලු " කියන එක අඩු කරපන් )
ජයවේවා !!!
එල මචං..තැන්ක්යූ..
ReplyDelete"ලු" දානකොට මටත් ඒක හිතුනා බං.ඒත් ඒක කුමා කියපු විදිහයට කියන්නයි මට උවමනා උනේ.අනික අපේ අයට පොතේ විදිහටම ලිව්වනම් මේක හරියන එකක් නෑ වගේ මට හිතුනේ...කොහොම උනත් මචං උබේ උපදෙස් වලට ගොඩක් ස්තුතියි..ජයවේ..!
http://hithaddara.blogspot.com/2013/04/blog-post.html#comment-form
ReplyDeleteමෙන්න මේකෙ පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියෙව්ව නම්
ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර ලැබෙයි
එල අක්කි.ගොඩක් තෑන්ක්ස්....නැවත මේ පැත්තේ එන්න....
ReplyDeleteඈ එල ඈ.. මට පරක්කු උනා බාන්ස්... තැන්කු ලින්කුවට ... :ඩී
ReplyDeleteපරක්කු උනාට කාරී නෑ මචාං...උබටත් තැන්ක්යූ...
ReplyDeleteලස්සන කතාව ....
ReplyDeleteඔන්න සුළගත් මේ පැත්තට හැමුවා ...
දිගටම ලියන්නෝ .. ජය හෝ .. බලන්න එනවා ...
ඔහ්...ඒකනම් සිතල හුලගක්..මන් ඒ හුගලට කැමතියි.ගොඩක් ස්තුතියි මේ පැත්තේ ආවාට...දිගටම එන්න හොදේ...ජය වේ..
ReplyDeleteහොල්මන් කතාවනම් පට්ට ඈ..
ReplyDelete…
…Freewarehut.cu.cc
හායි සහෝ.අදමයි මේ පැත්තේ ආවේ මයේ හිතේ..දිගටම එන්න ඔන්න වරද්දන් නැතුව...ඩබල් ඩබල්..මරු මරු..
Deleteහොල්මන් කතාවනම් පට්ට ඈ..
ReplyDelete…
…Freewarehut.cu.cc
ආයි පාරක්..මරු මරු
Deleteහොඳයි හදිසියෙවත් කුමා අහවල් එක කර කර ඉද්දි අර මිනිහා අවනම් එහෙම ?
ReplyDeleteහප්පට සිරි පවුලුෂා එච්චර දුරට හිතුවද?
ReplyDeleteඑහෙම උනොත් මොනා වෙයිද කියලා දෙයියෝ තමා දන්නේ...