ඔන්න ඉතින් යාලුවනේ මන්
අද ඔයාලට අලුත් දෙයක් ගැන කියන්නයි ලක ලෑස්ති උනේ.රත්නපුරේ ඉදලත් අපි මේතාක් මේ
ගැන කතා නොකරපු එක ගැන පසුතැවෙනවා..රුවන්පුරේ නොහොත් රත්නපුරේට ඒ නම ලැබීමට හේතුව
ඔයාලා දන්නවා ඇතිනේ.ආන්න ඒ හේතු මුලය ගැන කතා කොරන්නයි අද මන් මේ හදන්නේ..ඒ රුවන්පුරේ
මැණික් ලබාදෙන මැණික් පතල් ගැනයි.ඒත් ඉතින් පහු ගිය දොහේ නම් රත්නපුර ගැන වැඩියෙන්
පුරසාරම් දෙඩෙව්වෙ වෙනත් කරනා ගැන කියලා රටේ ලෝකේ කොයි කවුරුත් දනී නේ.
ඔය පිට පළාත් වල උදවිය නම් මේ ගැන වැඩිය නොදන්නා කමට කියන කතා වලට
නම් මෙහෙ අයට මරු කේන්තියි.විශේෂයෙන්ම පතල් කම්කරුවන්ට...මොකද කියනවනම් මට මේ
මෑතකදී අහන්න ලැබුනා අපේ ගමේ සහෝදරයෙක් කොළඹ රටේ කරක් ගහපු වෙලාවක එහෙ ටවුන්
කොල්ලෙක් කිව්වලු අනේ මචං ආයි මේ පැත්තේ එනකොට මට මැණිකක් අරන් වරෙන් කියලා..බලන්න
ඒ කතාවේ තේරුම.කොළඹ රටේ මිනිස්සු හිතාන ඉන්නේ මේ අපිට නිකන්ම මැණික් පොළොවෙන්
ලැබෙනවා කියලා.අනේ නේන්නම් මෙහෙමත් කරුමයක්..මේ පතල් කරුමාන්තයේ අරුමය ගැන දන්නේ ඉතින්
පතල් කපන උදවියම තමා.ඒත් ඉතින් කොළඹ රටේ උදවිය එක අතකින් හෑල්ලු වෙන්න ඕන නෑ.මොකද
රත්නපුරේ උන්නට තාම පතලක්වත් නොදැකපු උදවිය මේ පැත්තේ ඉන්න නිසා..
![]() |
ඉල්ලම් ගොඩ දැමු පතල් වළක් |
![]() |
වතුර ඉහින එන්ජිමක් |
ඉතින් යාලුවනේ ඔය කවුරු මොන කිව්වත් පතල් ජිවිතේ
ඒ තරම් සතුටු නෑ.පට්ට අව්වේ කරවෙවී මහා වැස්සට තෙමි තෙමී වැඩ කරන අරුමය දන්නේ පතල්
කපන උදවිය තමා.පතල පටන් ගත්තු දවසේ ඉදලම ඉතින් පොලොව එක්ක හැප්පෙන එක තමා අපේ
කාරිය.උදේ ඉදන් හවස් වෙනකන් දවස ගානේ එක දිගටම වැඩ.නිවාඩුවක්වත් හම්බවෙන්නේ ඉතින්
පෝය දවසට තමා.එදාට ඉතින් හැමෝම පන්සලට ගොහින් දෙයියෝ බුදුන් සිහි කොරන එක ගමේ
කාගේත් චාරිත්‍රයක්.පතලක් පටන් ගන්න කලිනුත් අපේ සමන් දිව්‍ය රාජයානන්ටත් පුද පූජා
පැවැත්වීමට අපි අමතක කොරන්නේ නෑ.
මෙහෙ ඒ කිව්වේ රත්නපුරේ හුගක් අයට ඉඩම්
තියෙනවනේ.ඒ අය ඉතින් කොරන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යංශයට ගොහින්
තමුන්ගේ ඉඩමේ ඔප්පුව පෙන්නලා පතල් කපන්න ලයිසොන් කොලයක් ගන්න එක.ඊට පස්සේ ඉතින් ඔය
අහල පහළ ඉන්න අහිංසක දුප්පත් ජනතාව එක කොරගෙන ඒ හැමෝටම හවුල ගානේ ලබාදීලා පතල්
කපනවා.මම “හවුල”කියලා කිව්වේ පතල් වල වැඩ කරන කම්කරුවන්ට පතල් වල අයිති
හාම්පුත්තුගෙන් ලැබෙන කොටහටයි.ඒක ලැබෙන්නේ ඉතින් අපි පතල් කපල ඉල්ලම් ගොඩට අරගෙන ඒවා
ගරලා මැණික් තෝරලා අරගෙන ඒවත් තුට්ටු දෙකට විකුණලා ලැබෙන මුදලින් අපිට ලැබෙන
කොටසටයි.ඒ ගාන සාමාන්‍යයෙන් මැණික් වෙන්දේසියෙන් ලැබෙන මුළු මුදලින් 2 % ක් පමණ
තමා.
![]() |
ඉල්ලම් ගොඩ ගැසූ ඉල්ලම් කමතක් |
ඔය මැණික් පොලවේ පිහිටලා තියෙන පස් විශේෂයට තමා “ඉල්ලම” කියලා කියන්නේ.එක දැන
ගන්නේ ඒ පස් වල ඉල්ලම් කැට පිහිටිමෙනුයි.හුගක් අය බොහෝ දුරට සල්ලි කාර උදවිය
ලයිසොන් අරගෙන පතල් කැපුවට වටින් ගොඩින් ඉන්න දුප්පත් උදවිය තනියෙන්ම කාටත් හොරා
පතල් කපනවා.ඒක ප්‍රසිද්ද රහසක්.එකේ වාසිය ඉතින් තමන්ට වාසි උනොත් ඉතින් ලැබෙන
සල්ලි ඔක්කොම ගෙඩි පිටින්ම තමුන්ටනේ.මොකද ඒ සල්ලි වලට හවුල්කාරයෝ නෑ නොවැ.ඔය හවුල්
කියන ඒවානම් ගොඩයි.කුලී හවුල,තේ හවුල,මුදල් හවුල,බිම් හවුල,එන්ජින් හවුල,තෙල්
හවුල.....කියලා ගොඩාක් තියෙනවා.ලොකු ලයිසොන් පතල් වල වෙන්දේසියෙන් පස්සේ මේ හවුල්
ඔක්කොටම සල්ලි බෙදනවා නොවැ.ඉතින් පතල් කම්කරුවන්ට ඉතිරි සොච්චම් ගානයි..
![]() |
පතලේ වැඩ කරමින් |
දවාලට පතල් කැපුවට ඉතින්
රෑ ජාමෙට ආයිත් දවසට කෙනෙක් දෙන්නෙක් පතලේ මුරට පැමිණෙන්න ඕන.මොකද වැඩ කරන ආවුද
ටික පරිස්සම් කොරන්න එපයි.ඒ වගේම දාඩිය හෙලලා හෙලලා ගොඩට ගන්න ඉල්ලම් ටික පන වගේ
රැක ගන්න ඕනිනේ.හැබැයි මෙහෙම ගොට්ට ගන්න ඉල්ලම් වලටත් කොලෝල යන උදවියත් රටේ ලෝකේ
ඉන්නවා..ඔය පතලේ වැඩ කරන ආවුද දාලා තියෙන පෙට්ටිය හදුන්වන්නේ ආවුද පෙට්ටිය
කියලා.
![]() |
වාඩියේ ඇති ආවුද පෙට්ටිය |
රෑ මුරට ආවම ඇල වෙලා ඉන්න තැන තමා මැස්ස කියන්නේ.මේ ඔක්කොම තියෙන්නේ වාඩියේ
තමා..ඉස්සර පතල් වලනම් ඉල්ලම් ගැරුවේ අතින්.ඉල්ලම් ගරන්නේ ගැරුම් වට්ටියෙන්.ඒත් දැන් නම් ඒවාට මැෂින් තියෙනවා.පස්
අදින කුඩා වර්ග දෙකයි.ඒ පොඩි කූඩ හා දබර කූඩයි.පොළොවේ ඉල්ලම් පිහිටලා තියෙන ගැඹුර
අනුව පතල් ජාති දෙකක් තියෙනවා.එකක් ගොඩ පතල්.අනෙක ගැඹුර පතල්.ඒ වගේම පතස් කියලා පතල් ජාතියකුත් තියෙනවා.ඉහත රූප ඒ පතල් වැල තමා.ගැඹුර පතල් අඩි ගණන්
යටට හාරනවා.පස්සේ ඇතුලෙන් ඉල්ලම දිගේ දෝනා යනවා.ගොඩ පතල් නම් අඩි 10-20 විතර ගැඹුර
හිටී.
![]() |
නවීන ඉල්ලම් ගරන මැෂිමක් |
මන් මේ කිව්වේ පතල් කෙරුවාවෙන් බොහොම පොඩ්ඩයි.මේක
කියන්න ගියොත් කෙළවරක් නෑ.මන් ආයිත් දවසක පතලක දවසක් ගැන පොස්ට් එකක් දාන්නම්.එතකං
ඔයාලට ඉන්න වෙනවා මාත් එක්ක හොදේ..මේ ගැන කමෙන්ට් දාන්න අමතක කරන්න එපා.පතල් ගැන
ඕනි දෙයක් මගෙන් අහන්න.මන් විස්තර ඔයාලට කියන්න ලෑස්තියි.....
බොහොම හොඳ ලිපියක් රොෂාන්..
ReplyDeleteපතල් ගැන සම්පූර්ණ ලිපි පෙළක් ලියමුකො. බොහෝ දෙනෙක් දන්නේ නෑ නේ මේ විස්තර..
ගොඩාක් සතුටුයි චන්දන ඔබේ ප්‍රතිචාර වලට.මන් ඔබේ ඉල්ලීම ඉටු කිරීමට උත්සහා කරන්නම්.ඔබට ජය..
Deleteපතල් ගැන නම් මාත් දන්නවා ,රත්නපුරේ කෙල්ලෙක් නිසාම නෙවෙයි ..මම උසස් පෙළ ප්‍රොජෙක්ට් එක කලෙත් මැණික් පතල් කර්මාන්තය ගැන .. එකේදී මැණික් ගැන පවා පුළුල් විස්තරයක් මම ඉගෙනගත්ත ..නොදන්නා අයටත් දැනගන්න මෙවැනි ලිපියක් ලියුවාට ස්තුතියි ඔබට !
ReplyDeleteතැන්ක්යූ සහෝදරී ඔබේ අදහස් වලට.නැවත එන්න....
Deleteසහෝදරි ඔයා කහවත්තෙද ඉන්නේ.අපිත් ඒ පැත්තේ තමා...
Deleteආ ආ එල ඈ.... ඔහොම ලියපං... ඔන්න ඔහොමයි මං කිව්වේ.. ඕන් ආයෙත් කිව්වා එලා ඈ...
ReplyDeleteතැන්ක්යූ මචං,දිගටම මෙහෙම තමා හරි....
ReplyDeleteමේ ලිපියනම් නියමයි මචං, ඉදලා හිටලා මේ වගේ ඒවා දාපන් තව පතල් ගැන මැණික් ගැන එහෙම ..
ReplyDeleteඑල එල බං.මන් ලගදීම පොස්ටුවක් දාන්නම්.ජය වේ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletegood work bro <3
ReplyDelete