Blogroll

Follow us on Facebook

Followers

Friday, August 23, 2013

කකුල් දෙකේ හරකා හතර උන හැටි.....

        හා හා පුරා කියලා ඔන්න මන් ආයිත් පෝස්ටු දාන්න ලක ලෑස්ති උනා....හිතට වදින පෝස්ටුවක් දාන්න හිතා ගත්තට එක පාරටම අයිඩියාවක් ආවේ නෑනේ බොල...මගේ වෙලාවටද මන්ද අමුතු සිද්දියක් උනා නොවැ ඊයේ උදේ ..ඔන්න එහෙනම් අහගනිල්ලකො කතා ඩිංග...

          මේකයි සිද්දි පොජ්ජ උනේ.දැන් ඉතින් A/L EXAM එකත් ඉවර නිසා මන් ගියා අපේ කොල්ලෝ කුරුට්ටෝ ටිකත් එක්ක ක්‍රිකට් ගහන්න..ක්‍රිකට් ගහන්න කිව්වට අපිට කියල ලොකු පිට්ටනි නම් නෑ .මහින්ද චින්තනේට කොන්ක්‍රීට් කරපු පාර ඩින්ගේ තමා අපේ සෙල්ලං දැම්මේ.ඔන්න ඉතින් කැඩිච්ච යකඩ පුටු කබලක් අරන් කෝටු කෑල්ලක් තියල හැදුවා විකට්ටුව..ඕක ඉතින් හිස්සියට ගලවන්න පුළුවන් වෙන්නත් එපැයි.මොකෝ අපේ පාරේ කියලා වාහන යන් නැතුවයි.ඔහොම කොරන් යනකොට ඉතින් වාහන දෙක තුන එහාට මෙහාට ගියා..සමහර වාහන නම් රෙස්පට් පෙන්නලා තමා ගියේ..
     ඔහොම සෙල්ලම් කොරන් යනකොට එකෙක් දුන්නා නොවැ බෝලෙට අල්ලපු වත්තකට උඩින්ම යන්න.මේකේ ඉතින් අපි හදාගත්තු පොඩි පොඩි නීති එහෙමත් තියෙනවනේ.එහෙම ගැහුවට ලකුණු නෑ.දුවන්නත් බෑ.ඔන්න ඉතින් කට්ටිය ගියා බෝලේ ගේන්න.හප්පට සිරි බොලේ ගිය තැන හොද කහ පාටට පැණි බේරෙන කාබරංකා ගහක් තියෙනවා නොවැ.නරකක් කියන්න බෑ අගේ ඇති ගෙඩි ගොඩ.පොකුරු පොකුරු.ආසාවේ බෑ දැක්කාම.දන් නැද්ද ඉතින් අපේ කොල්ලන්ගේ වැඩ,බොලේ හෙවිල්ල පැත්තක දාල මුන් සේරම වවුලෝ ටික වගේ අර ගහේ එල්ලෙන්න ගත්තා නොවැ.මන් තමා එතන හිටිය වැඩිමලා.මන් ඉතින් ඕවට වැඩිය නෑ කියලා කවුරුත් දන්නවනේ.අනික මන් දැක්ක ඒ වත්තේ අයිතිකාරයා අපේ පැත්තට එනවා.මන් ඉතින් "ඕව කන්න නෙමෙයි යකෝ බෝලේ හොයපියවූ "කියල සද්දෙට මාමට ඇහෙන්නත් එක්ක කියලා මන් බෝලේ හෙව්වා.අපේ එවුන්ට කිසි වගක් නෑ.උන් තාමත් ගහට පොර කනවා.ඔන්න මාම පොඩ්ඩ ඇවිත් කියනවා අන්න බෝලේ තියෙනවා කියලා.මුන් ටික ඇවිත් ඔක්කොම වනසනවා කියලා මාම හිතලා වෙන්ඩ ඇති ඇවිත් අපිට බෝලේ හොයලා දුන්නේ.ඒ ඉක්මනට යවා ගන්න කියලා මට තේරුණා.ඔන්න ඔය අස්සේ මාම පොඩ්ඩ එනවා දැකපු එකෙක් ගහ ලගින් අහකට පැන්නේ නැතැයි.ඒ වෙලාවෙනම් මාත් හිටියේ ගහෙන් ගෙඩියක් කඩා ගන්න මාන බලමින්.ඔන්න එක පාරටම අර පිකටිං කරන උන්ව මට්ටු කොරන්ඩ වතුර විදිනවා වගේ වතුර පාරක් ආවේ නැතැයි කඩාගෙන.මළ ජංජාලයක් නොවැ උනේ.අපේ කොල්ලෙක් පැනලා තියෙන්නේ වතුර මීටරේ උඩට.දැන් ඉතින් වතුර විදිනවා හතර අතේ.පැනපු එකා බයටම ඇරියා අරිල්ලක් පැත්ත පලාතෙක ඉන් නැතුව.මාම ඩිංගත් ඕක දැක්කා.මටත් හිතා ගන්න බැරිඋනා මොකද කොරන්නේ කියලා.වතුර මිටරේ දෙපැත්තෙන්ම බටේ පුපුරලා.මන් පැන්න ගමන් අත් දෙකින්ම අල්ල ගත්ත බටේ කැඩුන තැන් දෙක.කොහේ වහන්නද එහෙම වතුර පාරක්.මාවත් නාවගෙන වතුර විදිනවා හරියට වතුර මල වගේ..කොහෙද ඉතින් පැනපු එකත් උස මහත පොරක් වයසින් පොඩි උනාට..දැන් ඉතින් මාමත් ඇවිත් ඔන්න එක පැත්තකින් අල්ල ගත්ත.මිටරේ දෙපැත්තේ කරාම දෙකක් තියෙනවනේ.මන් එක කරාමයක් වැහුවා.එතකොට එක පැත්තකින් විතරයිනේ වතුර විදින්නේ.ඔන්න එතකොට අනිත් පැත්තේ වතුර පාර තවත් වැඩි උනා.මාමයි මායි දැන් හොදටම තෙමිලා.වටේ හිටිය අයත් යන්තම් නැවුණා."හරියන් නෑ පුතේ මේ වැඩේ,වෝටර් බෝර්ඩ් එකටවත් කතා කොරමු"කියලා මාම ඩිංග කිව්වා.ඔන්න මගේ කටේ බලේට අපේ එවුන් වෝටර් බෝර්ඩ් එකටත් කෝල් කළා.ඔන්න ඒ අස්සේ මේ කලබගැනිය ඇහිලා ගේ ඇතුලේ ඉදන් නැද්ද කාරයත් ආවේ නැතැයි.අපිට නැහෙන ගානට මාමට මොන මොනවදෝ කියෙව්වා.මාම ඩිංග ආතල් බුලට් එකක්.කොයි වෙලෙත් විහිළුවෙන් තමා.ඒක නිසා මේ සීන් එක වැඩිය දුර දිග ගියේ නෑ."දන් නැද්ද පොඩි උන්ගේ වැඩ"කියලා මාම පැත්තකට උනා.දැන් ඉතින් වෝටර් බෝර්ඩ් එකටත් කෝල් කල නිසා අපේ එවුන් ආයිත් ගියා බෝල ගහන්න.ඔන්න දැන් මාමයි මායි කල්පනා කොලේ වෝටර් බෝර්ඩ් එකෙන් ආවම මොකද කියන්නේ කියලා.මොකද අපි අතින් කැඩුනා කිව්වම දඩ ගහයි කියලා උන්දා බයෙන් හිටියේ..ඔන්න එක පාරටම මාමණ්ඩිට ආවේ නැතැයි ටොප් අයිඩියාවක්.මෙන්න මේකයි අයිඩියාව.අපේ ගෙවල් පැත්තේ හරකෙක් බදිනවා.ඌ හිටි ගමන් ලනුව කඩන් දුවනවා.උගේ අයිතිකාරයටවත් බෑ ඌව මෙල්ල කොරන්න.අනික නිදැල්ලේ යන හරක් දෙතුන් දෙනෙක්ම ඒ පැත්තේ ඒ වෙලාවේ කැරකුනා.අර මන් කිව්ව හරකා බටේ පාගල කඩල කියල වෝටර් බෝර්ඩ් එකට කියමු කියලා මාමයි මායි කතා උනා.ඔන්න දැන් මාම කාරය ගියේ නැතැයි හරකා අයිති කෙනා හම්බෙන්න.ඔන්න ටික වෙලාවකට පස්සේ මාමයි හරකා අයිති මනුස්සයයි අවා මේ සිද්දිය බලන්ඩ.අනේ පවු අහිංසකයා.මොනා කොරන්ඩද.ඒ මනුස්සයා වතුර බටෙත් බලලා හරකට බැන බැන ගියේ නැතැයි වෝටර් බෝර්ඩ් එකට.මාම කාරයත් තව ටිකක් වැඩියෙන් බය කොරලා තිබුනා..කොහොමින් කොහොම හරි දෙතුන් සැරයක්ම ඒ මනුස්සයා අවා බටේ හදලද බලන්ඩ.බටේ කැඩුව කකුල් දෙකේ හරකා පැත්තක.කෙසේ වෙතත් එදා දවසෙනම් ඒක හදන්න වෝටර් බෝර්ඩ් එකෙන් ආවේ නෑ.කොහොම කොහොම හරි බටේ කඩපු මල්ලි කාරයාගේ කෙරුවාව හවස් වෙනකොට ගෙදෙට්ටත් ආරංචි වෙලා ඌටත් හොදට බැනලා තිබුනා.බයටම ඌ ආයිත් වෝටර් බෝර්ඩ් එකට කෝල් කරලා තිබුනා.කොහොමින් කොහොම හරි කකුල් දෙකේ හරකෙක් කොරපු වැඩකට මාට්ටු උනේ අහක හිටපු කකුල් හතරේ නියම හරකෙක්..හික් හික් හික්........

Thursday, August 22, 2013

මොළයක් තිබේද ?...

"මම මහත්තයාගේ දුව කසාද බදිනවට මහත්තයා විරුද්ද ඇයි?"
"ඔබට වස්තුව දේපල නැති නිසා."
"ඒ උනාට මට හොද මොළයක් තියෙනවා."
"ඒක මට සැකයි"
"ඒ මොකද?...."
"තමුසේ මගේ දුව කසාද බදින්න හදන නිසා."