Blogroll

Follow us on Facebook

Followers

Tuesday, September 17, 2013

ලයිසොන් මෙඩිකල්


       මේ කියන්න යන දේ නම් උනේ ඊයේ දවසෙයි.ඒ වගේම මේ ගැන මට බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුනේ මගේ හිතවතාත් ලයිසොන් ගන්න ගිහින් ලබපු අද්දැකීම් හරි අපුරුවට බ්ලොග් එකේ පල කරලා තිබුන නිසයි.ඔයාලා ඒකත් කියවන්න මෙන්නමෙතනින්.අපේ ජිවිත ගොඩක් අද්දැකීම් වලින් පිරිලා.අපි ලබන අද්දැකීම් තවත් කෙනෙකුට පවසලා ඒ ගැන යමක් තවත් කෙනෙක් දැනුවත් වෙනවනම් මන් හිතනවා ඒක හොද දෙයක් කියලා.හරියට අත්දැකීම් ලබන්න ගන්න පෙර සුදානමක් වගේ.....
   මෙන්න මේකයි මට උන සිද්දිය.මාත් හා හා පුරා කියලා ඩ්‍රයිවින් ලයිසොන් එකක් ගන්න ඔන්න මේ ලගදි දවසක ගොඩ වැදුනා ලර්නස් එකකට.ඒකට ගිහින් මගේ කාරණා ටික කියලා ඇඩ්වාන්ස් එකකුත් ගෙව්වා.හැමෝම දන්නවනේ ලයිසොන් කොලයක් ගන්න මෙඩිකල් රිපෝට් එකක් ඕනි කියලා.ඒකනම් ඒ හැටි දෙයක් නෙමෙයිනේ.මොකද මිට අවුරුද්දකට දෙකකට උඩදී මං මගේ සහ පිරිවරත් එක්ක ලර්නස් එකකට ගිහින් විස්තර කතා කොරන කොට කිව්වා,
 “රු.500 ක් විතර යන්නේ ඩොක්ටර් කෙනෙකුට කියලා මෙඩිකල් රිපෝට් එකක් ගන්න “.
ඉතින් ඔන්න ඕක මගේ හිතේ තිබුන නිසා මන් ඒ ගැන ඒ තරම් ගණන් ගත්තේ නෑ.ඔන්න ලර්නස් එකේ හිටපු ඇන්ටි කිව්වේ නැතැයි රත්නපුරේ නිව් ටවුන් එකේ තියෙනවා මෙඩිකල් රිපෝර්ට් දෙන තැන.ඒකට ගිහින් රිපෝර්ට් එකක් අරන් එන්න කියලා.උදේ 9 ඉදන් 3 වෙනකන් දෙනවා කියලත් කිව්වා.මොනා කොරන්නද පලයන්කෝ දැන් නිව් ටවුන්..මාත් ඉතින් හා කියල එන්න අවා..
  කලින් ලයිසොන් අරන් තිබුනා අපේ මාමා.මන් ඉතින් මාමා කාරයාගෙන් ඇහුවා මේ මෙඩිකල් රිපෝර්ට් කතාව ගැන.
"ඔවු ඔවු ,දැන් මෙඩිකල් රිපෝර්ට් දෙන්නේ නිවු ටවුන් එකේ විතරයි.ඒකටත් රු.750 ක් ගන්නවා.”
    මට මරුවට කේන්ති ගියෙමි.ඇයි දෙය්යනේ කලින් යසට රු.500 ට නිදහසේ කරගත්තු වැඩේ දැන් පෝලිම් වල රැකලා තවත් රු.250 ක් වැඩිපුරත් ගෙවන්න එපැයි.මොනා කොරන්නද,කොහොමහරි ලයිසොන් එක ගන්නත් ඕනිනේ.ඒක නිසාම මන් ඊට පහුවදා ගියා නිවු ටවුන් එකේ NTMI(NATIONAL TRASPORT MEDICAL INSITITUTE) එකට.ඒකත් හරියට රජයේ ඉස්පිරිතාලේ OPD එකේ බෙහෙත් ගන්න ගියා වගේ වැඩක්.සෙනග හෝ ගාලා.අනේ මන්ද එක දවසට මෙඩිකල් රිපෝර්ට් ගන්න තරමට ලංකාවේ වාහන තියෙනවද කියලනම් මට සැකයි.

   මේකේ පැකේජ් එකනම් පෙර ගෙවුම්.ඒ කියන්නේ මෙඩිකල් එක පාස් ද නැද්ද කියලා දැනගන්න කලින් සල්ලි ගෙවන්න ඕනි.කලින් රු.750 ක් ගෙවලා තමා ඇතුල් වෙන්න තියෙන්නේ.මාත් ඔන්න රු.750 ක් කැෂියර්ට ගෙවලා රිසිට් එකකුත් අරන් ඒකත් ඊලග මෙසේ ඉන්න නෝනට දීල වාඩි උනා.කැෂියර් එකේ නෝනනම් මාර භාණ්ඩේ.හරියට සුකුරුත්තන් ගොඩක් එල්ලගත්ත ලිෆ්ටික් වලින් තොල් දෙක නාවපු නියපොතු ලොවි ගෙඩි වගේ පාට ගාපු ඉටි රුපයක් කියලා කියන්න පුළුවන්.
    ඔන්න දැන් එක එක්කෙනාගේ නම කතාකොරන්ඩ පටන් ගත්තා.ඔන්න මගේ වාරෙත් අවා.මාත් ගියා.මුලින්ම බලන්නේ බරයි උසයි.මාත් නැග්ගා තරාදිය උඩට
 “ 66 යි,..5 යි 1 යි “ කියලා කිව්වා..
 “ආ දැන් හරි ,ගිහින් වාඩි වෙන්න”....
    ඔන්න ඉතින් බරත් කිරලා උසත් මැනගෙන මාත් බලන් හිටියා ආයි මගේ නම කතාකරනකන්.ඔන්න ඔහොම ටික වෙලාවක් ඉන්න කොට මගේ නම කතකොරලා කොළ ටිකකුත් දීලා කිව්වා “මේකත් අරන් උඩට යන්න” කියලා.මාත් ඉතින් කියපු විදිහටම ඔන්න ගියා උඩ තට්ටුවට.හප්පට සිරි ගජ.උඩ තට්ටුව ඊට හපන්.ඒකත් පුරවලා සෙනග.ඈදී ගන්ඩ තැනක්වත් තියා හරියට ඉන්න තරම්වත් ඉඩක් නෑ.මං ඔන්න පඩිපෙළේ අත්වාරුවට හීන් සැරේ හේත්තු වෙලා බලන් හිටියා හිස් පුටුවක් එනකන්...
     ඔන්න ඉතින් පුටුවකුත් හම්බවුනා ඉද ගන්න.ඔහොම ඉතිං වැඩිවෙලා හිටියා.ආ මට කියන්න බැරි උනානේ.අර පහල තට්ටුවෙන් දුන්න කොළ ටික ස්ටුඩියෝ එකට දෙන්න ඕන.ස්ටුඩියෝ එකේ වෙන්නේ අපේ ෆොටෝ එකක් ගන්න එකයි.එවෙලේම පොටෝ එක අරගෙන අර අපි දුන්න කොලේ අලවනවා.ඔන්න ඉතින් මගේ වාරෙත් අවා.මාත් ස්ටුඩියෝ එකට ගිහින් පෙනී හිටලා පොටෝ එකකුත් අරන් ඇවිත් ආයිත් වාඩි උනා.ඔන්න ඊලග කාමරේ වෙන්නේ අපේ ලේ චෙක් කරන එක.එකේදී බලනවා අපිට දියවැඩියාව වගේ ලෙඩ තියෙනවද කියලා.ඒ වගේම අපේ ලේ වර්ගෙත් බලලා එවෙලේම අපිට කියනවා.ඔන්න මට දෙවන පාරටත් කතා කළා.මාත් ගිහින් ලේ චෙක් කර ගත්තා.මේකෙදි ලේ ගන්නෙ අපේ ඇගිල්ලට කටුවකින් ඇනලා.සමහරු මේ ගැන නොදැන හොදට ගිහින් වාඩි වෙලා ඉන්නවා.අතට කටුවෙන් ඇන්න ගමන් උඩ විසි වෙනවා මන් කලින් බලන් හිටියා.වැඩේ කොහොමද කරන්නේ කියලා දන්න නිසා මාත් ගානක් නැතුව හිටියා.ඔන්න ඉතින් මගේ අතත් අරගෙන කටුවෙන් ඇනලා ලේ ටිකක් කදාවකට දා ගත්තා.ඊට පස්සේ ලේ ටිකක් සීනි චෙක් කරන මැෂින් එකටත් දාල කදාවේ තිබුන ලේ වලට මොනවදෝ මන්ද ටිකක් දාලා කරකො කරකෝ බලාලා එතැන හිටිය නෝනා කිව්වා,
"ඔයාගේ ලේ වර්ගය A පොසිටිවූ" කියලා.මාත් ඉතින් හා කියලා ආයිත් එලියට ඇවිත් වාඩි උනා.
    ඔන්න ඊළගට තමා නියම වැඩේ තියෙන්නේ.ඊළගට තියෙන්නේ ඩොක්ටර් ඉන්න කාමරේට යන්න.මං වාඩි වෙලා ඉන්නකොටත් ඒ කාමරේ ඇතුලට ගිහින් සමහරු නම් එලියට ආවා.ඒ ආපු අයනම් ආවේ ෂර්ට් වල කොලර් ,අත් එහෙම හද හදා,කෝක උනත් මන් නම් ඒ ගැන කලින් දැනුවත් වෙලා හිටියේ අපේ මාමාගෙන්.ඒකෙ ඇතුලෙන් තමා අන්තිම තීන්දුව නිකුත් කරන්නේ.ඒ කියන්නේ ලයිසොන් එකක් දෙනවද නැද්ද කියන එක.ඔහොම ඉතින් ටිකක් වෙලා බලන් හිටියා.ඒ වෙනකොටත් මන් එතෙන්ට ඇවිත් පැය 2 කකට වඩා ගත වෙලා..ඔන්න ආයිත් පාරක් නෝනා කෙනෙක් කොළ ටිකක් අරගෙන ඇවිත් මෙන්න මෙහෙම කිව්වා..
“මේ නම් කියන අය සපත්තු සෙරප්පු ගලවලා බෑග් ගමන් මලු ඉන්න තැන් වලම තියලා id කාර්ඩ් ෆෝන්,පර්ස් කලිසම් සාක්කුවේ දාගෙන ඇතුලට යන්න.ඇතුලෙදි හැමෝම ඩොක්ටර් කියන ඒවා හොදට අහන ඉන්න ඕන,එක්කෙනෙක්වත් හිනා වෙන්න කතා කරන්න ලෑස්ති වෙන්න එපා.හරිද.ආ දැන් මේ අය යන්න.”
    ඔන්න ඔහොම කියලා මගේ නමත් ඒ නම් අතරින් කියවුනා.මාත් ඉතින් ඔන්න කස්ටියත් එක්ක ඇතුලට ගියා...
    මේ කාමරේ ඇතුලේ ඉන්නවා ඩොක්ටර්ට සහය වෙන කෙනෙක්.ඒ යකානම් එතැන හිටියේ හරියට ඌ එතන ලොක්කා වගේ.කොහොමත් සමහර තැන්වල ලොක්කා පාර්ට් දාන් ඉන්න හින්චයියලත් ඉන්නවනේ.ඔන්න කට්ටියම රූම් එක ඇතුලට ගියා..
"හා හා ..ඉක්මනට ..ඔය ඇදන් ඉන්න ෂර්ට් ,ටි ෂර්ට් ඔක්කොම ගලවලා බැනියම් එහෙමත් ගලවලා අර එහායින් තියෙන කොකු වල එල්ලන්න.බැනියම වැහෙන්න එල්ලන්න ඕනි හරිද...."
අර කලින් කියපු ඩොක්ටර්ගේ ගෝලයා කියාගෙන ගියා..
දැන් ඉතින් ඔන්න ඔක්කොම ඇදුම් ගලවනවා.මාත් ඉතින් ඇදන් හිටිය බැනියමයි ෂර්ට් එකයි ගලවලා කියපු විදිහටම එල්ලුවා..
" හරිද ..දැන් ඔක්කොමලා පේලියට ඉන්න..ඉක්මන් කරන්න."
ඔන්න දැන් අර ගෝලයා එන දෙන්න පටන් ගත්තා...
"කලිසම් කකුල් නවා ගන්න දනිස් දෙක හොදට පේන විදිහට,සරම් ඇදලා ඉන්න අය සරම උඩට කරලා ගැටගහගන්න..id කාර්ඩ් සාක්කුවේ දා ගන්න.නැත්නම් ඉනේ ගහගන්න.."මේ යකා කියවනවා මොකාද එකා වගේ.
"හා දැන් අත් දෙක ඉස්සරහට දික් කරන්න,
හොදට හොදට ඇගිලි ටික පේන විදිහට ....,
දැන් ඇගිලි නවන්න දිගාරින්න...,දැන් ඇගිලි වලින් හිට ගන්න.දැන් අතේ ඇගිලි වලින් පොලොව අල්ලන්න.හා හා දනිස් නමන් නැතුව නැමෙන්න..
නැගිටින්න,
අනිත් පැත්ත හැරෙන්න,හරි ආපහු ඇගිලි වලින් හිට ගන්න,ආ රයිට් .."
ඉක්මනට කට්ටිය පේලි දෙකක් හැදෙන්න බිත්තිය පැත්තට මුහුණ දාලා..
දැන් එක්කෙනා එක්කෙනා එන්න,බෝර්ඩ් එක කියවන්න.."
පිස්සු හැදෙනවා.ඇත්තටම මටනම් මේ කරන ඒවා දැකලා හිනා ගියා.ඒත් යන්තම් ඒක නතර කරගත්තා..
මුලින්ම දුන්නේ බෝර්ඩ් ඒක කියවන්න.ඒ කියන්නේ ඇස් පෙනීම බලන්න.ඔන්න දැන් කට්ටිය කියවනවා..ඔය අස්සේ සමහරු බෝර්ඩ් එකේ නැති ඉංග්‍රීසී අකුරුත් කියවන්න ගත්තා..ඒකටනම් ඩොක්ටර්ටත් මල පැන්නා.
"බොරු කියන්න එපා මනුස්සයෝ,ඕකේ ඇති R අකුරක් නෑ.හරියට කියනවා බලලා." ඩොක්ටර් කාරයා සැර කරා.
 ඔන්න ඉතින් මගේ වාරෙත් ආවා...ඉතුරු ටික කියන්න කලින් කියන්න ඕනි මගේ දකුණු ඇහේ පෙනීම දුර්වලයි.ඒක නිසා මම කණ්ණාඩි කුට්ටමක් නිතර පාවිච්චි කරනවා..
බෝර්ඩ් ඒක කියවන්නේ ඒක ඇහැක් වහලා අනිත් ඇහෙන් බලලා.ඔන්න මාත් ගිහින් හිට ගත්තා.කෙලියනේ තාප්පෙටම.අර ගෝල බාලයා වහුනේ නැතැයි මුලින්ම මගේ හොදට පේන ඇහැ.මොනා කොරන්නද.ඔන්න දැන් ඌ පෙන්නන අකුරු කිවන්න පටන් ගත්තා.මුල දෙක තුනක් කිව්වා,පහලට යන්න යන්න දැන් මට මොකුත් පෙන් නෑ.මොනා කරන්නද මං කිව්වා මට පේන් නෑ කියලා..අනික මගේ කරුමෙටම මුලින්ම බැලුවේ කන වෙච්ච ඇහැනේ..මන් හිතා ගත්තා කොහොමහරි කියන්න ඕනි මගේ ඒක ඇහැක් විතරයි පේන් නැත්තේ කියලා.
මේක අහලා ඩොක්ටර් කාරයයි,ගෝලයයි සෑහීමට පත් උන් නෑ මං ගැන.
"ඒකෙන්ම ඉවරනේ" ඩොක්ටර්ට නිකම්ම කියවුනා...
"හා හා ඔයා අන්තිමට එන්න,අනිත් අය එක්කෙනා ගානේ මෙහෙට එන්න."
මට කර කියා ගන්න දෙයක් නැති උනා.මාත් වෙන දෙයක් වෙච්චාවේ කියලා බලන් හිටියා මගේ වාරය එනකන්.අනිත් අයටත් දැන් පුදුමයි මං ගැන.මොකද ඒ කාටවත් විශ්වාසයක් නෑ මට ලයිසොන් ගන්න පුළුවන් වෙයි කියලා.
ඔන්න ඔක්කොමලා ෆෙෂර් එහෙම ඔක්කොම චෙක් කරගෙන කිසිම අවුලක් නැතුව එලියට ගියා..ඔන්න මන් විතරයි අන්තිමට ඉතුරු උනේ.ඔන්න මාත් ගිහින් වාඩි උනා ඩොක්ටර් ලග තිබුන පුටුවේ.ෆෙෂර් එක බලන්න හදනකොටම මන් කිව්වා,
"ඩොක්ටර් මගේ දකුණු ඇහැ විතරයි පෙනීම අඩු,අනික් ඇහැ හොදට පේනවා කියලා."
"මට කරන්න දෙයක් නෑ,එක ඇහැක් විතරක් පේන අයට ලයිසන් දෙන්න එපා කියලා තියෙන්නේ.මේක මං කියපු එකක් නෙමෙයි ඉහලින් කියපු එකක්."
මට එවෙලෙම ලයිසන් එපා විය.මන් නැවතත් මගේ ඇහේ දුර්වලකමත් හොදට පෙනෙන බවත් ඩොක්ටර්ට කිව්වා.මොකද මට වෙන කරන්න දෙයක් නෑනේ.
"මෙයාව ආයිත් චෙක් කරන්න"ඩොක්ටර් ගෝලයට කිව්වා.
"ඔයා ගිහින් ටැප් එකෙන් මුහුණ හෝද ගන්න.සබන් ගාන්න එපා."
පැවසු ලෙසම මම මුහුණ සෝදා ගතිමි.එසේ කිව්වේ කුමන හේතුවකටදැයි වත් නොසිතා මම එය කලෙමි.නැවතත් මට බෝර්ඩ් ඒක කියවන්න අණ කළේය.එවෙලෙහි නම් මට සිතුණේ කලින්ටත් වඩා මේ පාර අපැහැදිලි බවයි.වෙන දෙයක් වුනාවේ කියලා මන් ගෝලයා පෙන්නපු අකුරු ටික කියෙව්වා.මුලින්ම කියවන්න බැරි උන පේලියටත් ඔන්න දැන් අවා.මට එවේලේත් ඇත්තම කියනවනම් ඒ අකුරු මොනාද කියලා හරියටම පැහැදිලිව පෙනුනේ නෑ.ඒත් ඒ පෙන්නන අකුර මේකයි කියලා මට කිතුන අකුර කිව්වා..
"ඔය තියෙන්නේ."
තව එකක් කියන්න ,"
මම එකත් පෙර ලෙසම හිතෙන විදිහට කීවෙමි.
"ඔය හොදටම ඇති"
  ඩොක්ටර්ගේ කටහඩ මට එකවර ඇහුනා.ඇත්තටම මටත් හිතා ගන්න බෑ.කලින් පෙනුන් නැති අකුරු ටික මන් කිව්වද කියලා.සමන් දෙවියන්ට පින් සිද්ද වෙන්න මං ගොඩ ගියා කියලා මට එවෙලේ හිතුනා.අන්තිමට මට ලයිසොන් එක ගන්න මෙඩිකල් රිපෝර්ට් ඒක හම්බුනා.ඒත් එකේ ගහලා තියෙනවා.මගේ ඇස් පෙනීම දුර්වලයි.ඒ වගේම මම කණ්ණාඩි පළදිනවා කියලත්.ඒ වගේම දැන් මට ලැබෙන ලයිසොන් කාර්ඩ් එකෙත් කණ්ණාඩි කුට්ටමක රුපයකුත් වැටෙනවා කියලා මට පසුව දැනගන්න ලැබුනා..පෙර පිනකටද මන්දා මන් ඔන්න ඔය විදිහට තමා මෙඩිකල් එක පාස් උනේ...
කට්ටිය මේක කියවලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා හොදේ...

13 comments:

  1. රෙදි ගලවන්නත් කිව්වද බං.. :ඩී
    යකෝ මට මෙඩිකල් ගන්න විනාඩි පහක් ගියේ නෑ. ඩොකා ලේ එක බලන්නත් කලින් ලේ වර්ගෙ ලියල ඉවරයි! බර විතරයි මගේ හිතේ හරියට බැලුවෙ. අඳුනන එකෙක්ගේ මාර්ගෙන් ගියාම රුපියල් හාරසිය පනහයි. ලොවෙත් නෑ..

    ආ උඹ අර ලිංක් එකක් දාල තියෙන්නෙ මගේ එකට වෙන්ටැති.. :ඩී කොහොම උනත් තැන්කු හොඳේ......!!

    ReplyDelete
    Replies
    1. රෙදි ගලවන්න කිව්වට උඩ ටික විතරයි බං.ඒ ඉස්සරණේ බං.දැන් එහෙම තැනින් තැනින් ගන්න බෑ බං.NTMI එකෙන්ම විතරයි.ඒකනේ අවුල..තැන්ක්යූ මචං එකටම ආවට....

      Delete
  2. මස් කන බල්ලන්ට වඩා කටු කන බල්ලෝ සැරයි කියනවනේ. ලංකාවේ ගොඩක් තැන වල තත්වය ඔය වගේ තමා බං. කොහොම හරි වැඩේ උන එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා බං.වැඩේ උන එක ගැන නම් මටත් ගොඩක් සතුටුයි.තැන්ක්යූ මචෝ කමෙන්ටුවට...නැවත එන්න..

      Delete
  3. ලැයිසොම ගත්තු එකට සුබ පැතුම්. තව කීයක් හරි මිට මෙලෙව්ව නම් ඔක වෙනස් වෙනව නේද

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ තැන්ක්යූ...ඒකනම් එහෙම තමා.එහෙනම් පැය ගණන් ඉන්න ඕනිත් නෑ..ජය වේ.

      Delete
  4. අඩෝ දිව්‍යලෝකේ යන්නත් ඔච්චර ගේමක් නැතුව ඇති. මට නම් රුපියල් දෙසිය පනහයි, පැයක්ද කොහේදයි ගියේ.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා බං.දැන් කාලේ හැටිනේ මේ.මොනා කරන්නද?
      තැන්ක්යූ ...

      Delete
  5. අපෝ සෑහෙන දුකක් විඳින්න ඕනනෙ මෙඩිකල් රිපෝට් ගන්න:O ලයිසන් ගන්න එකත් සෑහෙන අමාරු වැඩක් වගේ බලාගෙන ගියාම

    ReplyDelete
    Replies
    1. හමොටමනම් එහෙම නෑ වගේ පේන හැටියට.දැන් තමා තත්වේ වෙනස් වෙලා තියෙන්නේ.දුක තමා.වාසනාව තමා මගෙත්.ජය වේ..

      Delete
  6. අඩෝ බර 66 යි , උස 5යි 1යි උඹේ BMI එක වැඩියි, මම ඩොකා වුනානම් දාහක් වත් කපාගෙන තමයි ලයිසොම දෙන්නේ

    ReplyDelete
  7. අඩෝ අඩෝ ඔහොම කියන්න එපා යකෝ.තව පොඩ්ඩෙන් ලයිසොන් නැතුව එන්න වෙන්නේ...ඇග නම් ටිකක් වැඩියි තමා...දන් නැද්ද ඉතිං...

    ReplyDelete
  8. කියවද්දි හිනාකාල මැරෙනව හලෝ. Theks

    ReplyDelete