Blogroll

Follow us on Facebook

Followers

Sunday, October 6, 2013

අම්මා


ඇත්තටම මෙහෙම සින්දුවක් ලියන්න හිතුනේ මගේ මිත්‍රයා ලගදි සින්දුවක් ලිවිම ගැන මතක් කල නිසා.ඒ ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා...සින්දුව හොදයි නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා...

            අම්මා

                               ඔබෙ පෙම් සුවඳින් මා නෑවෙද්දී
තුරුළෙහි හිද මා සැනසුනා
ඔබෙ ඇකයෙහි හිද උණුසුම් වී මම
කිරි බිව් හැටි මතකයි අම්මේ
අම්මා.................
ඔබ මගෙ සුදු අම්මා....

ඉන්නා විට මා ඔබගෙන් වෙන් වී
හැඩුවෙමි අම්මා එනම තුරා
ඔබ දුව ඇවිදින් තුරුලට ගෙන මා
නලවුව හැටි මතකයි අම්මේ
අම්මා..................
ඔබ මගෙ සුදු අම්මා....

බත් ගුලි කරමින් රසට කවද්දී
සතුටින් කෑ හැටි මට මතකයි
තාමත් අම්මේ ඔබේ අතින් බත්
කන්නට මට ආසයි අම්මේ
අම්මා..................
ඔබ මගෙ සුදු අම්මා....
අම්මා..................
මගෙ ආදර අම්මා.......

9 comments:

  1. ලෝකයේ අනිත් සියලුම දේ < අම්මා

    ReplyDelete
    Replies
    1. @ඉවාන් :ඒකනම් සහතිකයි...තැන්ක්යූ සහෝ අදහස් වලට...

      Delete
  2. අම්මා ගැන මතක් වෙච්චි එක හොදා. ඒ උනත් ගේය පද රචනය සාර්ථක නෑ.. අවංක අදහස

    ReplyDelete
    Replies
    1. උඹ කියන්නේ හරියට අපි අම්මව අමතක කරලා උන්නා වගේනේ..
      අදහස් වලට ගොඩක් පිං...

      Delete
  3. ආ මචං ලියහං ලියහං.... දිගටම..

    ReplyDelete
    Replies
    1. ඔවු මචං ලියනවා ලියනවා...උඹල තමා මචෝ අපිව දිරිමත් කරන්නේ..

      Delete
    2. @දේශකයා:මං දැනගන්න කැමතියි මගේ ගේය පද රචනය අසාර්ථක වීමට හේතු.මොකද ඒක මට උදව්වක් වේවි වැරදි හදාගන්න...

      Delete
  4. එල නියමයි අයියේ..

    ReplyDelete
    Replies
    1. එල එල මල්ලි...තැන්ක්යූ ..

      Delete