Blogroll

Follow us on Facebook

Followers

Thursday, December 19, 2013

මගේ සොයුරේ


සැප දුක අපි එකටම වින්දේ
එක බත් පත වට වී කෑවේ
විහිලු තහළු කරමින්නේ
සැමදා සතුටින් උන්නේ
බොරුවට හරි ඔබ මිතුරේ
මතකද මට ඔච්චම් කෙරුවා


තරහ තියන් හිනා උනා
මතක නැද්ද මගේ මිතුරේ
සැමදා අපි එකම සොයුරෝ
නැත මටනම් අමතක වෙන්නේ
අදත් මතුවටත් මටනම් එලෙසයි
ඔබ හැම මගේ මිතුරන් වෙන්නේ
ආසයි නැවතත් යන්නට ඇත්නම්
අපේ සොදුරු ඒ පාසල් කාලේ
බැහැ නොවැ මිතුරේ වෙනස් කරන්නට
අපේ අරුම මේ ජිවිත ගමනේ
හැල්මේ දිව්වත් අපි ජිවිතේ
මොහොතක් හරි වැය කරමි මිතුරේ
ඔබ හැම වෙනුවෙන්
ඔබ හැම කල උදවු නැත කිසි දින නොමැකෙන්නේ
ඒ හැම සැමදා මතකින් සමරන්නේ
පතනෙමි මිතුරේ හද පිරි සතුටින් මා
පෙර භවයේදීත් අපි එකටම වෙන්න
උනයි මිතුරේ නෙතට කදුලක් ඔබ සිහිවෙද්දී
ඔබ කල උදවු සිහි වී සතුටට වන්නේ
කලේ නැත වරදක් හිතකින්වත් මා මිතුරේ
නොදැන උනත් වරදක් සිදුවීනම් මාගෙන්
සමාව අයදින්නෙමි මිතුරේ හද පතුලෙන්
අදහස් ගලයි මිතුරෝ ගැන වැල නොකැඩි
ඒත් ලියන්නට මට සීමාවක්‌ ඇත්තේ
දුකින් උනත් මා ඉන්නේ මගේ සොයුරේ
සමුගන්නෙමි මෙලෙසින් මා සිතුවිල්ලෙන්

11 comments:

  1. මොකද්ද මේ බෑගිරිය..??

    ReplyDelete
    Replies
    1. අනේ කෂ්ටිය මට සමව දෙන්ඩ ඕනි කමෙන්ට් වලට රිප්ලයි දාන්න පරක්කු උනාට.අපේ නායකත්ව පුහුණුව තිබුන නිසා වැඩ ටික අවුල් උනා..
      මේක මේ මට පරණ අපේ යාලුවෝ මතක් වෙලා හිතට ආව අදහස් ටිකක් තමයි..

      Delete
  2. හ්ම්ම්ම් ඔව් සොයුරේ

    ReplyDelete
    Replies
    1. සතුටුයි කමෙන්ට් කලාට

      Delete
  3. ඒ ගමන මොකක්ද උඹට වුනේ ..?

    ReplyDelete
    Replies
    1. යාලු ෆිට් එක හදුනා බන්.ගණන් ගන්න එපා..

      Delete
  4. Replies
    1. අඩුවේ නෑ අනේ ඇඩෙනවා..මෙහෙම වෙනකොට

      Delete
  5. // ආසයි නැවතත් යන්නට ඇත්නම්
    අපේ සොදුරු ඒ පාසල් කාලේ// ඒක අපි හැමෝටම හිතෙන දෙයක්...

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත..මොන කරන්නද?දුක තමා...

      Delete
  6. ඔබටත් ඔබේ පවුලේ සැමටත් එසේම වේවා....ජය වේ....

    ReplyDelete