Blogroll

Follow us on Facebook

Followers

Tuesday, October 22, 2013

අම්මා කොයි ගියාදෝ.?


      ඉර අවරට යමින් තිබිණ.හාත්පස සිසාරා අඳුර දැහැ ගනිමින් සිටියි.අවට පරිසරයද දැඩි මූසල පාළු ගතියකින් වේලි ගොසිනි.අඳුර මකමින් දැවෙන පහනකින් ආලෝකමත් වූ කටු මැටි බිත්ති හතරකින් වට වූ කුඩා නිවසකි.පැවතියේ දැඩි නිහඩ බවකි.විටින් විට බල්ලෙකුගේ උඩු බිරුම් හඩ පරිසරය බිය ගැන්වීය.ඒ පාළු ගතිය මකන්නට මෙන් ගොරහැඩි කටහඩක් ඈතින් නිවස දෙසට ලං වෙමින් තිබිණ.
“ තනි ..වයි.....උප.න්......නේ............
තනි..වයි......මැ....රෙන්නේ...........
මේ.....ඉන්න.......ඩින්ගේ...........
අඩිමයි.........ගස....න්...නේ...........” ඒ කට පුරා බීගෙන එන උක්කුවාගේ කට හඩයි.
“ තුහ් නොදකින් ........අදත් මේ කාලකන්නිය කණ මදය වගේ බීගෙන එන රගේ....ආවදෙන්කෝ..හ්ම්.....”
එතලිනාගේ සුපුරුදු වචන සැට් එක උක්කුවාගේ හඩ නැවත්තිමට තරම් තීව්‍ර විය.
“ මොකද ගෑනියේ බෙරිහන් දෙන්නේ...? ”
උක්කුවා ගෙට ගොඩ වෙන ගමන් ඇසුවේය.වාරු නැති වූ උක්කුවා එලිපත්තේම බිම ඉන්ද විය.
“ ඇයි මනුස්සයෝ තොට අමතක උනාද මේ ගෙදර තට්ට තනියම ගෑනියෙකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා කියලා,හැමදාම අසමච්ජාතියා බීගෙන ගෙදර එනවා...අනේ හප්පේ මේ දරු පැටවූ දෙන්නා කෑවද බීවද කියලවත් මේ මිනිහට ගානක් නැති හැටි....
නොදකින් විතරක් මාත් කාපු දීගෙක හැටි...”
එතලිනාගේ කටහඩ අවදි විය....නමුත් ඒ කියූ දේටනම් උක්කුවාට කුකුල් කේන්ති ආවේය.
“ පට්ට බැල්ලියේ...මොකක්ද යකෝ තෝ කිව්ව හරුපේ.....තෝව මං අද ඉතුරු කරන් නෑ.ඉදපන් තොට මං.......”
උක්කුවා වහා හිද සිටි තැනින් නැගිට්ටේ වෙඩිල්ලක් මෙනි.වහා එතලිනා දෙසට ගොස් ඇගේ කෙස් වැටියෙන් අල්ලා ඇද්දේය.
“ වේසියේ....තෝව මං අද පට්ට ගහනවා.......” උක්කුවා ඇගේ කෙස් වැටියෙන් අල්ලා තදින් සෙලවුවේය....
“ ඉතින් මරපිය මාව....එතකොට ඔක්කොම අහවරයිනෙ..” ඉවසුම් නැති තැන එතලිනා කෑ ගෑවාය..
ඒ වඳන් වලින් උක්කුවාගේ කේන්තිය උපරිම වුයේය.උක්කුවාගේ හැදි දැඩි සිරුරට හිර වූ එතලිනාට පහර දෙක තුනක් දෙන්නට උක්කුවා මැලි නොවීය.මේ කලබගෑනිය නිසා බියට පත්ව දොර මුල්ලේ සැගව සිටි දරු දෙදෙනා තම මව බේරා ගැනීමට ඉදිරියට පැන උක්කුවාගේ ඇගේ එල්ලුණේය.
“ අනේ තාත්තේ.....අම්මට ගහන්න එපා තාත්තේ......තාත්තේ.......
අනේ ..අම්මේ.......”
“ තාත්තේ අම්මට ගහන්න එපා තාත්තේ..අම්මේ.........”
දරු දෙදෙනා උක්කුවාගේත් එතලිනාගේත් ඇගේ එල්ලෙමින් බෙරිහන් දුන්නේය..
“ පල යන්න පැත්තකට තොපි ”.කියා දරු දෙදෙනාව පැත්තකට ඇද දැමු උක්කුවා එතලිනාගේ කෙස් වැටියෙන් අල්ලා තදින් සොලවා ඇයව පැත්තකට තල්ලු කළේය.ඒ පහරින් විසි වී ගිය එතලිනා බිම ඇද වැටුනාය.
අහෝ...! අවාසනාවක මහත.නිවසේ පසෙක බිම හිඳ ගැනීමට තබා තිබූ ගල් පොත්තේ එතලිනාගේ හිස තදින්ම වැදිණි.ඇය සිහිසුන් වී වැටී සිටි අතර ඇය සිටි තැන ලේ විලක් වීමට වැඩි වෙලාවක් ගත නොවීය.වාරු නැතිව උක්කුවාද බිම ඇද වැටුණේය.
තම මවට වූ හදිය ගැන කම්පා වූ දරු දෙදෙනා වහා දුව විත් ඇගේ ඇඟේ එල්ලී කෑ ගසමින් හැඩීමට පටන් ගත්තේය..
“ අම්මේ........අනේ අම්මේ.........නැගිටින්නකෝ ............
අම්මේ........අ.....ම්...මේ.............ඇයි අම්මේ කතා කරන් නැත්තේ.... අම්මේ......”
දරු පැටවුන් දෙදෙනා ගිරි යටින් කෑ ගසා හැඩුවේය...
මේ සන්තෑසිය කණ වැකුණු අහල පහළ නිවෙස් වල වූ පිරිස් වහ වහා නිවස දෙසට දිව ආවේය.සිදුව ඇති දෙයින් මහත් කම්පාවට පත් වූ සියල්ලෝම කම් මුලේ අත් ගසාගෙන බලා සිටියේය...ඒ අතරින් උක්කුවාට හොද හැටි බනින වචන ද ඇසුණේය.නමුත් සියල්ලන් පැමිණෙන විටත් එතලිනා ඇගේ අවසන් හුස්සමත් හෙලා තිබිණි..


 අවසානයේ උක්කුවාගේ වූ බීමත්කම අසරණ දරු පැටවුන් දෙදෙනෙකුට උරුම වූ තම මවගේ උණුහුම සොරා ගත්තේය.පසුව එතලිනාගේ මරණයට වග කිව යුතු පුද්ගලයා ලෙස උක්කුවා ජීවිතාන්තය දක්වා මහ උළු ගෙදර තපින්නට නියම විය.අම්මාත් තාත්තාත් අහිමි වූ දරු දෙදෙනා අනාථ නිවාසයකට බාර දෙන ලදී.තවමත් හය හතර නොතේරෙන ඒ දරු දෙදෙනා තම මව එන තුරා අනාථ නිවාසයේ ජනෙල් කවුළු දොරින් එබිකම් කරයි.......

6 comments:

  1. ආහ් බුවා මරු කථාව...

    ReplyDelete
    Replies
    1. තැන්ක්යූ තැන්ක්යූ සහෝ....නැවත එන්න..

      Delete
  2. කතාව ටිකක් හදිස්සියෙන් ඉවර කරපු ගතියක් දැනුනා මල්ලි...කොහොම උනත් ඔය ප්‍රශ්න වලින් අන්තිමේදි දුක් විඳින්නෙ අහිංසක දරුවො..

    ReplyDelete
  3. ඒකනම් ඇත්ත.මට කතාව ඉක්මනට ඉවර කරන්න සිද්ද උනා.කණගාටුයි ඒකට.ගොඩක් පිං කතාව කියවල අදහස් දැක්වුවට...ජය වේ...

    ReplyDelete
  4. මොකදෑ බං පටන් ගත්තු ගමන් ම ඉවර කරලා දැම්මේ.. එල එල .. ඇරඹුම හොඳා.. තව එකක් ලියහං..

    ReplyDelete
  5. මේකනේ බං.බ්ලොග් වලට ලොග් වෙන සමහර උන්දලට දිගට දිගට තියෙන පොස්ට් කියවන්න තරම් වෙලාවක් නැහැනේ.,ඒක එපාවෙන වැඩක්.ඒක නිසයි කෙටියෙන් ඉවර කලේ..ආවට ගොඩක් සතුටුයි..නැවත එන්න..

    ReplyDelete