ඔන්න ඉතින් ඔයාලා දැන් තමන්ගේම කියල බ්ලොග් එකක් හදාගෙන අහවරයිනේ.දැන් ඉතින් අපි බ්ලොග් ගැන තවදුරටත් ඉගෙන ගනිමු.අද අපි ඉගෙන ගන්නේ අපේ බ්ලොග් පිටුවට පොස්ටුවක් දාන්නේ කොහොමද කියලයි.
මුලින්ම ඔබේ සර්ච් බොක්ස් එකේ www.blogger.com ලෙස ටයිප් කර බ්ලොගර් වෙත ඇතුල් වන්න.එවිට ඔබට පහත ආකාරයේ තිරයක් දිස් වේ.එහි ඔබේ ඊමේල් ලිපිනයත් ඔබ යෙදු මුර පදය එහෙම නැතිනම් පාස්වර්ඩ් එක ඇතුලත් කර ඔබේ බ්ලොග් පිටුවට ලොග් වෙන්න.
පොස්ටුවක් අලුතින් යෙදීමට යාමේදී ඔබට සාමාන්‍ය ආකාරයේ එනම් වර්ඩ් වල ඇති ආකාරයටම ඔබට හුරු පුරුදු ආකාරයේ පිටුවක් ලැබෙන අතර එහි ඉහලින්ම ඇති post title නම් ස්ථානයේ ඔබ යෙදීමට බලාපොරොත්තු වන පොස්ටුවේ මාතෘකාව යොදන්න.ඔබ ටයිප් කරන අකුරු වල සංස්කරණ සිදු කිරීමට මෙහි විවිද ටූල්ස් ඔබට ලබා දී ඇත.ඉන්පසු පහලින් දිස්වන සුදු පහ පිටුවෙහි ඔබේ ලිපිය ඉදිරිපත් කල හැකියි.
ඔබේ පොස්ටුවේ වැඩ අවසන් වූ විට ඉහළින් දිස්වන Publish නම බටන් එක ක්ලික් කරන්න.ඔබේ පොස්ටුව බ්ලොග් පිටුවෙහි දිස්වන ආකාරය දැක ගැනීමට ඉහළින් ඇති Preview නම බටන් එක ක්ලික් කරන්න.මෙහිදී දැනගත යුතු වැදගත් කරුණ නම් ඔබ අලුතින් පොස්ටුවක් යෙදීමට අරබන මොහොතේ සිටම එය ස්වයංව සේව් වේ.එබැවින් පොස්ටුවක් නොලියා හිස් පිටුවක් Publish කිරීමෙන් වලකින්න.මොකද කියනවනම් එවිට ඔබේ බ්ලොග් පිටුවෙහි හිස පොස්ටුවක් දිස් වන බැවිනි...
ඔන්න ඉතින් අපි අද පෝස්ටුවක් දාන හැටි ඉගෙන ගත්තා.තවත් අලුත් දෙයක් ලගදීම බලාපොරොත්තු වන්න...