Blogroll

Follow us on Facebook

Followers

Sunday, November 25, 2012

Intel සමාගමේ නවතම සුපිරි ප්‍රොසෙසරය"Intel Ivy Bridge Core i7 3770K"

    Intel සමාගම යනු වසර 40 කට ආසන්න කාලයක් ලොවපුරා Micro Processor කියූ සැනින් සිහියට නැගෙන අමරණිය නාමයක් සහිත සමාගමකි.Intel හි පළමු ප්‍රොසෙසරය වන Intel 4004 සිට මේ දක්වා ඔවුන් පැමිණ ඇති මග හා ගමන ලෙහෙසි පහසු එකක් නොවේ.විවිද ඉලෙක්ට්‍රොනික තාක්ෂණ නව සොයා ගැනීම් මධ්‍යයේ නවතම හා අතිශය කාර්යක්ෂම ප්‍රභල ප්‍රොසෙසර වෙළද පලට නිකුත් කල Intel සමාගම තම නවතම i7 ප්‍රොසෙසරය Ivy Bridge යන කාණ්ඩය යටතේ   i7 3770K නමින් එලි දක්වා ඇත.

     Ivy Bridge Core i7 3770K හ්ප්රෝසේසරය සැබවින්ම ක්ෂුද්‍ර තාක්ෂණික මහිමයක් ලෙස සැලකිය හැකියි.මිට පෙර නිකුත් කරන ලද Intel Sandy Bridge ප්‍රොසෙසරයේ 216 mm2 Core එක තුල ට්‍රාන්සිස්ටර බිලියන 1.40 ක් අඩංගු වේ.මෙය පෙරට වැඩ 75% ක් වූ කුඩා ඉඩක පෙරට වඩා 20% ක් වැඩිපුර ට්‍රාන්සිස්ටර ගබඩා කිරීමකි.
   Ivy Bridge Core i7 3770K හි Core 4 ක් ඇති සාමාන්‍ය Clock Speed 3.5GHz ලෙස දැක්විය හැකි අතර මෙය අවශ්‍ය වූ විට 3.9 GHz දක්වා ඉහල යයි.නිසි Cooling තත්ව යටතේ මෙහි ඇති Multipliers ක්‍රියාත්මක වූ විට අපහසුවකින් තොරව 4.7 GHz දක්වා වේගයක් ලබා ගත හැකියි.
     Ivy Bridge Core i7 3770K හි තවත් සුවිශේෂී අංගයක් නම් එඉ ඇති HD 4000 Intergrated Graphics ප්‍රොසෙසරයයි.අවශ්‍ය නම් Ivy Bridge i3 හා i5,HD 2500 GPU ඒකකය Directx ii සඳහා Support කරයි.Directx 11 Support කරන ප්‍රොසෙසර් එකක් නිපදවා Intel සමාගම තම ප්‍රධාන තරගකරුවා වන AMD  සමාගම සමඟ කරට කර තරඟයකට අවතීර්ණ වූ පලමු අවස්ථාව මෙය බව බොහෝ දෙන ප්‍රකාශ කරයි.
   විදුලි පරිභෝජනය පිලිබඳව ද Ivy Bridge නිර්මාණ කණ්ඩායම බොහෝ සැලකිලි දක්වා ඇත.මෙහි Thermal Design Power (TDP) අගය 77 W වන අතර Sandy Bridge හි ඇති 95W සමඟ සසදන කල මෙය ඉහල විදුලි අරපිරිමස්මක් ලබා දෙන බව කිව හැකියි.
    නව ප්‍රොසෙසර තවමත් නිර්මාණය කර ඇත්තේ LGA 1155 සොකොට්ටුවකට සවි කිරීමට හැකි වන පරිදි නිසා එය වත්මන් පරපුරේ "i" වර්ගයේ ප්‍රොසෙසර වලට Support කරන බොහෝ Mother Board වලට Support කරනු ඇත.කෙසේ වුවත් මෙවන් ප්‍රොසෙසරයක් සවි කිරීමට පෙර ඔබේ මවු පුවරුව නිසි BIOS හා Hardware Settings වලින් පරිපුර්ණ බව තහවුරු කරගෙන සවි කිරීම නුවනට හුරුය.
   සුපිරි වේගය,ප්‍රබල ග්‍රැෆික් ප්‍රොසෙසරය හා අවම විදුලි බල පරිභෝජනය සහිත නව පරම්පරාවට අයත් Ivy Bridge Core i7 3770K ප්‍රොසෙසරය සැබවින්ම ලොව පුර වේගයෙන් ජනප්‍රිය වනු ඇත.
(මෙම ලිපිය රූ පරිගණක සඟරාවෙන් උපුටා ගන්නා ලක්දක් වන අතර මේ ගැන නොදන්නා අයටත් අලුත් ප්‍රොසෙසරය ගැන දැනගැනීමට මෙය පල කරන ලදී.)

3 comments:

  1. හුහ්! මාත් ගත්තා එකක් !!!

    ReplyDelete
  2. බොරුනේ කියන්නේ....පුහ්

    ReplyDelete
    Replies
    1. බොරු නෙවෙයි, හරි ගණන් අප්පා!!

      Delete