Blogroll

Follow us on Facebook

Followers

Friday, November 2, 2012

අන්තර්ජාල සම්බන්ධතාවක් නොමැතිව අන්තර්ජාල ගිණුම් වලට පිවිසෙමු



      Facebook,Google Drive හා You Tube යන මේ විවිද වෙබ් සේවා වල තැම්පත්ව ඇති අපගේ පෞද්ගලික දත්තයන් එකින් එකට පිවිස අවශ්‍ය දත්ත Download කිරීමේ කරදරයෙන් මිදී ඔබේ සියලු අන්තර්ජාල දත්තයන් ඔබේ ඇගිලි තුඩු මතට එක් තැන් කර දෙන අපූරු මෘදුකාංගයක් තිබේ.එය නමින් SOCIAL FOLDERS ය.මෙම මෘදුකාංගයෙන් කරන්නේ ඔබේ වෙබ් අන්තර්ගත දත්තයන් සියල්ල ඔබේ පරිගණකයේ හාර්ඩ් ඩිස්කය මතට ගෙන ඒමයි.

       මෙම මෘදුකාංගයේ නොමිලේ ලැබෙන සංස්කරණය භාවිතා කර අපට පහසුවෙන්ම මෙම සේවාව ලබා ගත හැකියි.කෙසේ වූවත් නොමිලේ දෙන සංස්කරණය මගින් ඔබට Download කර ගත හැක්කේ වෙබ් සේවාවන් තුනකට අයත් Files 2000 ක් පමණි.පූර්ණ සංස්කරණය සදහා සීමාවන් නොමැති අතර ඒ සදහා වසරකට ඩොලර් 10 ක ගාස්තුවක් ගෙවිය යුතු වෙනවා.කෙසේ වුවත් අපගේ අවශ්‍යතා සදහා නොමිලේ දෙන සංස්කරණය සෑහෙන බැවින් එමගින් වැඩ ආරම්භ කරන ආකාරය දැන් සලකා බලමු. 
SOCIAL FOLDERS මෘදුකාංගය download කර ගැනීමට පහත link එක මත click කරන්න.
http://socialfolders.me

     මෙය 12 MB පමණ වන කුඩා මෘදුකාංගයකි.අදාල ගොනුව download වූ පසු එය පරිගණකයට Install කරගන්න.මෙම ක්‍රියාවලිය අවසානයේ Social Folders සේවාව සඳහා ගිණුමක් සාදා ගත යුතුයි.ඒ සදහා Sign-Up ලෙස ඇති වින්ඩෝවේ ඇති විස්තර නිවැරදිව පුරවා දිය යුතුයි.         
    Social Folders මෘදුකාංගය ඔබේ පරිගණකයේ ස්ථාපනය වූ පසු එය ඔබේ පරිගණකයේ System Tray කොටෙසෙහි රැදී පවතී.එහි ඇති Social Folders අයිකනය මත Right Click කල විට මතුවන මෙනුවෙන් “Connect to my Services” යන්න ක්ලික් කල විට Social Folders සේවාව ඔබ වෙත යොමු වන අතර ඔබට Download කර ගැනීමට අවශ්‍ය දත්ත සහිත අන්තර්ජාල ගිණුම් තුනක් මෙහිදී තොරා දිය හැකියි.මේ සඳහා “Add a new Sevice  යන කොළ පැහැති බොත්තම ඔබන්න.දැන් ඔබට අන්තර්ජාල සේවාවන් රාශියක් සිත තිරයක් මතුවනු ඇත.මෙහිදී Box, Evernote, Facebook, Flickr, Google Docs, Instagram, Photobucket, Picasa, SmugMug, SoundCloud, Twitter හා You Tube වැනි සේවාවන්හි අඩංගු දත්ත ඔබේ පරිගණකයට download කර ගැනීම සඳහා අදාල වන UserName හා Password ලබාදී එම සේවාවන්හි ඇති දත්ත වෙත පිවිසීමේ අවසරය Social Folders සේවාවට ලබා දිය යුතු අතර එයින් පසුව ඔබ මෙම කුමන හෝ අන්තර්ජාල සේවාවකට එක් කරන කුමන හෝ දත්තයක් ඔබේ පරිගණකය මත Social Folders මගින් පිහිටවනු ඇත.
    Social Folders මෘදුකාංගය භාවිතා කල හැක්කේ Download සඳහා පමණක්ම නොවේ.ඔබට අවශ්‍ය ගොනුවක් අවශ්‍ය සේවාවක් වෙත Upload කිරීම සඳහාද එය යොදා ගත හැකියි.ඒ සඳහා කල යුත්තේ ඔබගේ Social Folders එක තුල ඇති සේවාවන් හට අදාල ෆෝල්ඩරය තුලට ඔබට අවශ්‍ය ගොනුව drag කිරීමයි.ඔබේ Facebook වෙත Log විය යුතු නැත. Social Folders එක තුල ඇති Facebook ෆෝල්ඩරයට ගොස් අදාල ඇල්බමය වෙත ඔබේ නව ඡයාරූපය එකතු කිරීම පමණක් සෑහේ.
           ඔබේ අන්තර්ජාල දත්ත රැදවීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මගින් පිවිසිය හැකි ආකාරයේ පොදු ෆෝල්ඩරයක් මෙම මෘදුකාංගය මගින් තනා ගනී.මෙම ෆෝල්ඩරයේ නම ද  Social Folders වේ.ඔබ විසින් තෝරා දෙන ලද සේවාවන් සඳහා වෙන වෙනම ෆෝල්ඩර මෙම ප්‍රධාන ෆෝල්ඩරය ඇතුලත ස්වයංක්‍රියව තැනේ.ඔබ Facebook වෙත එක් කරන  ලද ඇල්බම් සියල්ල ඒ සඳහා වෙන්වූ ෆෝල්ඩර ආකාරයෙන් මෙහිදී ඔබට බල ගත හැකියි.ඔබට Download කරගත යුතු දත්ත මොනවා දැයි Social Folders වෙබ් සේවාව තුලදී තෝරා දීමේ හැකියාව ද පවතී.උදාහරණයක්‌ ලෙස Facebook ඇල්බම කීපයක් පමණක් ඔබට තෝරා දිය හැකියි.
 මෘදුකාංගය වෙත ඔබ ලබාදුන් සැකසුම් වෙනස් කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා System Tray මත ඇති Social Folders අයිකනය Right Click කර “Preferences” යන්න තෝරා දෙන්න.දන මතුවන වින්ඩෝවේ ඇති ටැබ් තුන මගින් ඔබට අවශ්‍ය සැකසුම් වෙනස් කරගත හැකි

භාවිතයට ඉතා පහසු හා සරල ක්‍රියාකාරිත්වයකින් යුතු Social Folders මෘදුකාංගය ඔබේ අන්තර්ජාල දත්ත ඔබේ පරිගණකය හා Sync කරදෙන අපූරු මෘදුකාංගයකි.දැන් Social Folders සමගින් ඔබටත් ඔබේ අන්තර්ජාල දත්ත සියල්ලම එකම තැනකින්,ඇසුරු සැනින් ලබා ගැනීමේ පහසුව අත්විඳින්න.....
                                         MRU REAL PAGE EDITION




2 comments: