Blogroll

Follow us on Facebook

Followers

Wednesday, November 21, 2012

අපේම කියලා බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද? -02


      පළමු කොටසෙන් ඉදිරිපත් කල කරුණු අහවරයිනම් එතන ඉදන් ඉස්සරහට යමු.අපි දැන් අපේම කියලා ඊමේල් එකක් හදාගෙන ඉවරයිනේ.දැන් ඉතින් අපි අපේ බ්ලොග් එකේ මුලික කටයුතු වලට පිවිසෙමු......
    වෙබ් ලිපිනයකට වගේම බ්ලොග් එකකටත් නිශ්චිත නමක් අපි යෙදිය යුතුයි.අපි Blogger හි බ්ලොග් එකක් හදනවානම් අපි ලබාදෙන නම .blogspot.com ලෙස අවසන් වෙයි.උදාහරණයක් ලෙස myblog නමින් බ්ලොග් එකක් Blogger හි සැකසුවහොත් අපිට නම ලෙස ලැබෙන්නේ www.myblog.blogspot.com ලෙසයි.
       Blogger හි බ්ලොග් එකක් සැකසීම සඳහා මුලින්ම www.blogger.com වෙත ලොග් වෙන්න.මෙහි ඇති Create Blog යන්න ක්ලික් කිරීමෙන් අපේ බ්ලොග් එකේ වැඩ පටන් ගන්න පුළුවන්.මෙහිදී අපි පියවර 3 ක්‌ අනුගමනය කල යුතුයි.ඒක නිසා ඔයාල මේ වැඩේ පියවරෙන් පියවර තේරුම් ගන්න ට්‍රයි කරන්න.
       1.Blogger ගිණුමට ඇතුලත් වීම සඳහා ඊමේල් ලිපිනයක් හා රහස් කේතයක් හඳුන්වා දීම.

      මෙහිදී Email Address යන කොටසේ ඔයාගේ ඊමේල් එකත්,Password යන කොටසේ Blogger ගිණුම සැකසීම සඳහා ලබාදීමට යන රහස් කේතයත්,Name යටතේ Blogger සඳහා අපිව හඳුන්වා දෙන නමුත් සටහන් කිරීමෙන් Continue යන්න තොර ගැනීමෙන් පස්සේ ඔයාලට ඊලග පියවරට යන්න පුළුවන්.
      2.බ්ලොග් එක සඳහා නමක් යෙදීම.

     මෙහිදී Blog Title යටතේ බ්ලොග් එකේ ශීර්ෂය සඳහා සුදුසු කොටසක් ඔයාලට එකතු කරන්න පුළුවන්. Blog  Address යන කොටසේ ඔයාල බ්ලොග් එකට දාන්න කැමති නම යොදන්න පුළුවන්.මෙහිදී ඔයාල ලබාදෙන නමින් තවත් කෙනෙක් මේ වන විටත් බ්ලොග් එකක් සාදා තිබේනම් ඔයාලට වෙන නමක් දාන්න සිද්ද වෙනවා.මේ ගැන දැනගන්න නම් ඒ කියන්නේ අපේ නමින් තව බ්ලොග් එකක් තියේද බලාගන්න Check Availability යන්න තෝරන්න පුළුවන්.ඔන්න දැන් 2 වැනි පියවරත් අහවරයි.දැන් යමු 3 වෙනි පියවරට.

       3.අපේ බ්ලොග් එකේ මුහුණතෙයි පෙනුම තීරණය කිරීම.

   මේක තමා හැමෝම කරදර වෙන වැඩේ.මොකද හැමෝම හදන්නේ තමන්ගේ පෙනුම ලස්සනට තියා ගන්නනේ.මේ වඩේටනම් කලින් හදපු මුනත් (Template) ගොඩක් මෙහි තියෙන නිසා ඔයාලට කැමති මුණක් දාගන්න පුළුවන්.මේ මුණ Preview Template යන්න ක්ලික් කිරීමෙන් දැක බලා ගන්න පුළුවන්.ඔයාල තෝරගත්තු මුනට කැමතිනම් Continue යන්න තේරීමෙන් එය ආදේශ කර ගැනීමටත්,බ්ලොග් කරණයේ යෙදෙන්නත් ඔයාලට අවස්ථාව උදා වෙනවා...


ඔන්න ඉතින් අපි අපේ බ්ලොග් එකත් හදල අවසන් කොරා...තව ඉතින් ගොඩක් විස්තර ඔයාලට කියන්න තියෙනවා..ඒ ගැන අපි ඊළග පොස්ටුවෙන් දැනගමු...
මේ ගැන ඔයාලට නැගෙන ප්‍රශ්න ටක් ගාල කමෙන්ට් දාන්න හොදේ...

1 comment:

  1. කොහොමද බ්ලොග් එක අනෙක් අයට පේන්න දමන්නේ?

    ReplyDelete