Blogroll

Follow us on Facebook

Followers

Friday, November 16, 2012

අපේම කියලා බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද? -01


                       මේ ගැන පෝස්ට් එකක් දාන්න මට අදහසක් ආවේ මට මේ බ්ලොග් එක හදාගන්න මම ගත්ත උත්සාහය නිසයි.මොකද කියනවනම් මට මීට කලින් බ්ලොග් එකක් ගැන කිසිම දැනුම් තේරුම් කමක් තිබුනේ නෑ.ඉතින් මං මුලින්ම උදවු ඉල්ලුවේ මගේ මිතුරාගෙන්.මොකද කියනවනම් ඔහු ඒ වන විටත් ඔහුගේම කියල බ්ලොග් එකක් ආරම්භ කරලා තිබුනේ.ඒක නිසා බ්ලොග් එකක් හදාගන්න උවමනාවක් ඇති එහෙත් ඒ ගැන නොදැන පසු බහින අපේ යාළුවන්ට ඔන්න මං අද ඉදන් උදවු කරනවා.දැන් ඉතින් කතාව ඇති,අපි යමු අපේ බ්ලොග් එක හදන්න...

බ්ලොග් ගැන හැදින්වීමක්

   නුතනයේ ජිවත් වන අපට ඊ මේල් ලිපිනයක් තිබෙනවා සේම අප ගැන ලෝකයාට දැන්වීමට අපගේ සිත් තුල ඇතිවන හැගීම් සටහන් කිරීමට,දැනුම එකිනෙකා අතර බෙදා ගැනීමට,නොයෙක් පෞද්ගලික නිර්මාණ,ලෝකයේ එහා කෙරවලේ සිටින අපේ නෑ හිත මිතුරෙකුට,ගනුදෙනු කරුවෙකු සමඟ හුවමාරු කර ගැනීමට බ්ලොග් භාවිතා කල හැකියි.වෙබ් අඩවියක ක්‍රියාවලියකට බොහෝ සමාන නමුත් නිතර නිතර අලුත් වන තොරතුරු අන්තර්ජාලයේ ප්‍රචාරය කරන මාධ්‍යක් ලෙස බ්ලොග් සරලව හදුනා ගත හැකියි.වෙබ් අඩවියක් නරඹන පුද්ගලයෙකුට එම අඩවිය ගැන අදහස් දැක්වීමට සාමාන්‍යයෙන් හැකියාවක් නොමැති නමුත් බ්ලොග් එකක් නරඹන්නෙකුට ඒ පිලිබදව අදහසක් දැක්වීමට කොටසක් ඇති අතර එය කමෙන්ට් කියා අපි හදුන්වන්නෙමු.බ්ලොග් වඩාත් ලෝකයේ ජනප්‍රිය වී ඇත්තේ මේ හේතුව නිසා කිව හැකියි.අප විසින් සැකසු බ්ලොග් එකක් සඳහා මිනිසුන් දක්වන ප්‍රතිචාර මෙම කමෙන්ට් යටතේ ඇතුලත් වීම අපව දිරිමත් කිරීමට හේතු වේ.මේ ගැන ඔයාල හොදට මතක තබා ගන්නවානම් වඩා හොදයි.වර්තමානයේ මුදල් ඉපයීමේ මාධ්‍යක් ලෙසද බ්ලොග් හැදින්විය හැකිය.

     නොමිලේ බ්ලොග් පවත්වාගෙන යාමට පහසුකම් සපයන ආයතන කිහිපයක් ලෝකයේ ඇති අතර  blogger සඳහා 

wordpress සඳහා 

 මේ අතරින් ප්‍රධාන තැනක් ගනී.
       මින් Blogger හට හිමිවනුයේ සුවිශේෂී තැනකි.මෙයට හේතුව මෙය Google ආයතනය සතු වීමයි.
මෙහිදී ආයාසයකින් තොරවම google වෙතින් ලැබෙන වෙළද දැන්වීම් අප බ්ලොග් එකෙහි ප්‍රචාරණයට අවස්ථාවක් දී ඒ මගින් යම් මුදලක් උපයා ගැනීමද කල හැකිය.Bloggerහි බ්ලොග් එකක් සැකසීමේදී Google හි ඊමේල් ගිණුමක් තිබීම අනිවාර්ය නොවුවද ඊමේල් ගිණුමක් භාවිත කිරීම ප්‍රයෝජනවත්ය.මේ නිසා අපි මුලින්ම ඊමේල් ගිණුමක් සාදා ගනිමු.
ඔබට Google ඊමේල් ගිණුමක් නොමැතිනම් https:/www.gmail.com
වෙත ගොස් Creat Account යන්න තෝරා ගැනීමෙන් පසුව ඔබේ නම,ඊමේල් ලිපිනය ලෙස ලබා ගැනීමට අපේක්ෂිත නම,ඒ සඳහා භාවිතා කිරීමට අපේක්ෂිත රහස් කේතය හෙවත් මුර පදය වැනි තොරතුරු ලබා දීමෙන් පසුව පහසුවෙන් ඊමේල් එකක් සකසා ගන්න.මෙම ඊමේල් ගිණුම හෝ වෙනත් ඊමේල් ගිණුමක් භාවිතා කොට අපට blogger හි බ්ලොග් එකක් සැකසීම ආරම්භ කල හැකියි...
    මේ ගැන අපි ඊලග පොස්ට් එකෙන් තොරතුරු දැන ගනිමු...

6 comments:

  1. එල එල ........ ඔය තියෙන්නේ

    ReplyDelete
  2. එහෙම තමා මචං අපිත් හොද බ්ලොගර්ලා තමි..ස්තූතියි෴

    ReplyDelete
  3. මමත් බ්ලොගර් පාඩමක් පටන් ගත්තා ඕන්..

    ReplyDelete
  4. ආහ් පොඩි අවුලක් තියනවා Google වලින් Adsense සින්හලෙන් ලියන බ්ලොග් වලට දෙන්නෙ නැ. හැබැයි ගන්නත් විධි තියනවා..

    ReplyDelete
    Replies
    1. ඔහ්.ඒක ඇත්ත..තැන්ක්යූ තැන්ක්යූ..

      Delete