Blogroll

Follow us on Facebook

Followers

Monday, December 17, 2012

අපේම කියලා බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද? - 04

ඉතින් යාලුවනේ ඔන්න මම ආයිත් අපේ බ්ලොග් පාඩම කරන්නයි මේ සුදානම් වෙන්නේ.ටික කාලයක් මේක මග හරුනට ඔයාල සමාව දෙන්න ඕන හොදේ..
      අද මං ඔයාලට කියල දෙන්න යන්නේ අපි දාන පොස්ටු වලට කොහොමද කමෙන්ට් එකක් දාන්නේ කියලයි.
   අපි බ්ලොග් එකකට පොස්ට් එකක් දාපුවම එකේ පහළින්ම අපිට දැකගන්න ලැබෙනවා no comment කියල තියෙනවා.ඒ කියන්නේ ඒ අදාළ පොස්ටුවට තාම කමෙන්ට් එකක් දාලා නෑ කියන එකයි.ඉතින් අපිට කරන්න තියෙන්නේ ඒ අකුරු උඩ click කරන්න.එවිට ඔයාලට පහත ආකාරයේ comment box එකක් ලැබේවි...

 
එකේ ඔයාලට පේනවා නේද සුදු පාට කොටුවක්,එකේ ඇතුලේ ටයිප් කරලා තියෙනවා Enter Your Comment කියල.දැන් ඉතින් තියෙන්නේ හිතේ හැටියට ඔයාලගේ අදහස් එකේ ටයිප් කරන එකයි...කමෙන්ට් ඒක ලියලා අහවරයිනම් ඊට පහලින් ඇති Comment as යන්න ඉදිරියෙන් ඔයාලගේ ගූගල් නම හෝ වෙනත් නමක් ලබා දිය හැකියි.එවිට ඒ නම තමා කමෙන්ට් එක දාපු නම වෙන්නේ.ඊට පස්සේ Publish කියන කොටුව මත ක්ලික් කරන්න.එවිට ඇතැම් විට ඔයලට ටයිප් කරන්න යමක් ලැබේවි.එය නිවැරදිව වටහාගෙන අදාල ස්ථානයේ ටයිප් කරලා publish කරන්න.එවිට ඔයාලගේ කමෙන්ට් එකත් අදාල බ්ලොග් පිටුවේ දිස් වේවි....





ඉහත ආකාරයේ දෙයක් සිදු කිරීමට හේතුව තමා මේ කමෙන්ට් දාන්නේ මිනිහෙක්ද නැත්නම් රොබෝ කෙනෙක්ද කියලා හරිහැටි දැනගැනීමටයි.මොකද නැත්නම් කමෙන්ට් දාන එක අද කාලේ රොබෝ කෙනෙකුටත්

5 comments: