Blogroll

Follow us on Facebook

Followers

Sunday, December 2, 2012

මෙන්න අලුත්ම වැඩක් අපෙන්....

         මං අදනම් ආවේ අපේ මිත්‍ර බ්ලොග් පිටුව වන www.csklanka.blogspot.com වෙතින් අලුතින් අරඹන ලද අලුත්ම වැඩේ ගැන ඔයාලට කියන්නයි.මේක ගොඩාක්ම වැදගත් වෙන්නේ අපේ පාසල් යන නංගිලා මල්ලිලාටයි.එත මං මේ කියන්න යන්නේ වෙන බ්ලොග් එකක් ගැන නිසා ඔයාලට හිතෙයි මට මොකද්ද මේ ගැන මෙච්චර අමාරු කියලා.මේකනේ සින්ඩිය මේ වැඩේට csk වගේම අපිත් සම්බන්ද වෙලා සහයෝගයෙන් කටයුතු කරන නිසයි.
     ඔහ්,කතාවෙන් කතාවෙන් කියන්න ආපු දේත් අමතක උනානේ.දැන් අපේ නංගිලා මල්ලිලාට එයාලගේ එක් එක් විෂයට අනුව පාඩමෙන් පාඩමට ආදර්ශ ප්‍රශ්න පත්තර හදල csklanka බ්ලොග් පිටුවේ පල කරන එකයි.මේවා PDF FILES නිසා ටක් ගාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වගේම මෙමගින් ඔයාලගේ ඉගෙනීමට ලොකු පිටුවහලක් වේවි කියල අපේ අදහසයි.ඉතින් දැන්ම මේ අලුත් වැඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඔයාලත් ලෑස්ති වෙන්න හොදේ........ 
  ආ මේ තව දෙයක් කියන්න අමතක උනානේ.මේ උතුම් කර්තව්‍යට ඔයාලටත් දායක වෙන්න ඔන්න csk අවස්ථාවක් ලබා දීල තියෙනවා.ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ දැනුම භාවිතා කරලා ඕනිම ශ්‍රේණියක පාඩමකට අනුගත වන පරිදි ආදර්ශ ප්‍රශ්න පත්තර හදල අපේ csk මිත්‍රයාගේ ඊමේල් එකට එවන එකයි.මේ දැනුම බෙදා දීමේ මහගු අවස්ථාවට ඔබ හැමෝම දායක වෙයි කියලා අපි විශ්වාස කරනවා.
csklanka1@gmail.com 
මේක තමා ඊමේල් එවන්න ඕනි ලිපිනය.....

2 comments:

  1. මගේ ගාව Science විශයන්වල ගුරු අත්පොත් නම් තියනවා.. www.freewarehut.cu.cc

    ReplyDelete