Blogroll

Follow us on Facebook

Followers

Tuesday, January 15, 2013

අපේම කියලා බ්ලොග් එකක් හදාගන්නේ කොහොමද? - 05

දැන් බලමු අලුත් Gadget එකක් හෝ වෙනත් Java script  ඒකක් එකතු කරගන්‍නෙ කොහොමද  කියලා.මුලින්ම කියන්න ඕන මේ ගැන කියන්න මන් වෙනත් බ්ලොග් එකකින් උදවු ගත්ත කියන එක.මුලින්ම ඔයාලා බ්ලොගර් වල ඔයාලගේ බ්ලොගර් ඩෑෂ් බෝර්ඩ් එකට ලොග් වෙන්න.එකේ ඔයාලගේ බ්ලොග් එකට ඇතුල් වෙලා වම පැත්තේ ඇති layout නම් ටැබ් එක ක්ලික් කරන්න.ඊටපස්සේ තමන් කැමති තැනකින් Add Gadget ක්ලික් කරන්න.
දැන් ලැබෙන ලිස්ට් එකෙන් පුලුවන් ඔයාට කැමති දෙයක් එකතු කරගන්න.
වෙනත් Java script  එකතු කරගන්න අවශ්‍ය නම් HTML/Java script ක්ලික් කරන්න.
දැන් ඔයා දාන ගැජට් එකට මාතෘකාවක් දානවනම් දන්න. Content කියන තැනට Java script  එක paste කර save කරන්න.
(පින්තුර 12)
පොඩි දෙයක් අමතක වුනා අනවශ්‍ය ගැජට් ඉවත් කරද්දි ඔයාට සමහර අවස්ථා වලසදි සමහරක් ගැජට් වෙනස් කරන්න බැරි වේවි.එසේ වෙනස් කරන්න බැරි ඒකේ නම බලාගන්න.
ඊ ලගට template වලට යන්න
Edit HTML ක්ලික් කරන්න.
ක්ලික් proceed
Expand widget Template කියන තැන බොක්ස් එකේ ටික් එක දාන්න දැන් Find බෝක්ස් ඒකේ අර ගැජට් එකේ නම ටයිප් කරන්න.අර කලින් වගේම ඒ නම කොල පාටින් හයිලයිට් වෙනවා පෙනේවි ඒතන ක්ලික් කරන්න.
<b:widget id='Attribution1' locked='true' title='' type='Attribution'>   true  වෙනුවට false ලෙස ටයිප් කර save කරන්න.දැන් Layout වලට ගිහින් අදාල ඒක අයින් කරගන්න හෝ වෙනස් කර ගන්න පුලුවන්.
හොදයි දැන් බලමු කොහොමද පහල තියෙන Design By , copyright , Powered by  වැනි ස්ථාන වෙනස් කරන්නේ කොහොමද කියලා.
template වලට යන්න  - Edit HTML ක්ලික් කරන්න - ක්ලික් proceed  දැන් එන වින්ඩො එකේ පහලටම යන්න . දැන් ඔයාලට පහත අකාරයට පෙනේවි.

Copyright © 2011 <data:blog.title/> | Powered by Blogger

Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Laundry Detergent Coupons

ඉහත ස්ථාන ඔයාට කැමති විදියට වෙනස් කරගන්න පුලුවන්.හැබැයි ඒක අපට අවසර නැතුව තමා කරන්න වෙන්නේ.අපේ බ්ලොග් එකේ අපේ විස්තර එපයි දාන්න.ඉතින් මෙතනින් ඔයාලගේ වෙනස් කම් සිදු කර save කරන්න.
ඕයාගේ බ්ලොග් එකේ Footer ඒක වගේම Header එකත් ලස්සන කරගන්න ඕනනේ.ඒක කරන්නේ Layout වලට යන්න දැන් ඉහලම ඇති  Header කියලා.එකේ Edit ක්ලික් කරන්න.
දැන් ඔයාට පුලුවන් නම වෙනස් කරන්න  Blog Description එකක් දාන්න තව නම ලස්සනට ෆෝටෝ ෂොප් වලින් එහෙම හදලා දාන්න එහෙම මෙතන්න පුලුවන්.
Image එකක් දානවනම් Image කියන තැනට ගොස් ඔයාගේ compute එකේ තියෙනම් From your computer කියන තැනින් බ්‍රවුස් කරලා අදාල Image එක දාගන්න පුලුවන්.
හොදයි දැන් බ්ලොග් එක හදලා ලස්සන කරලා ඉවරයි දැන් තියෙන්නේ ඒකට post (ලිපි) දාන්න.කොහොමද බලමු post එකක් දාන්නේ කොහොමද කියලා.
ඔයාගේ බ්ලොග් එකේ මුලින්ම ඇති post කියලා ඒක හෝ ඉහලම ඇති පැන්සලක ලකුනක් ඒක ක්ලික් කරන්න.

දැන්  post කියන තැන post ඒකේ නම හා පහලින් විස්තරය ටයිප් කරන්න.ඒ සමගම ඉහලින් ඇති ටුල් බාර් මගින් ඔයාගේ ලිපිය ලස්සන කරගන්න පුලුවන්. පින්තුර විඩියෝ ඒ වගේම අකුරු සයිස් වෙනස් කරන්න බෝල්ඩ් කරන්න පුලුවන්.එසේ වෙනස් කර අවසානයේ publish ක්ලික් කරන්න.දැන් ඔයාගේ ලිපිය එකතු කර අවසානයි.මේ අකාරයට ලිපි ඒකතු කල හැකිය.

දැන් මම හිතනවා ඔයාලට පුලුවන් වෙවි තනියම බ්ලොග් එකක් නිර්මාණය කර ගන්න.ඒ තුලින් ආදායමක් හොයාගන්නත් පුලුවන්.ඉංග්‍රිසියෙන් ඔයාගෙම ලිපි දාලා බ්ලොග් එක කලොත් ඔයාට පුලුවන් ගුගල් ඇඩ්සෙන් හො වෙනත් ඇඩ් වර්ග භාවිතා කර ඒ තුලින් අමතර අදායමක් උපයන්න.මම මෙ ලිපිය ලියන්න ගොඩක් මහනසි වුනා.ඔයාලා මෙක බලලා ඔයාලගේ අදහස් කියලා යන්න අමතක කරන්න ඒපා.
ඉදිරියෙදි බ්ලොග් එකට දැමිය හැකි වෙනත් ගැජට් ගැන පෝස්ට් එකක් දාන්න ඉන්නේ.ලගදිම ඒ පෝස්ට් එකත් දානවා.මේ සම්බන්දව ගැටලු තියෙනම් කියන්න.

5 comments:

1. හරි හරි මල්ලි... ඔහොම යාන්...

ReplyDelete
Replies
1. අලුතෙන් පෝස්ට් එකක් දාපිය!

Delete
2. හරි හරි ඔන්න දැම්මා...

Delete
2. මේ මචන් අර Footer එක edit කරන්න අමුතුවෙන් HTML edit කරන්න ඕනි නැ.. Layout එකේම යටින්ම තියන Attribution කියන එකෙන් ඒක කරගන්න පුලුවන්...

ReplyDelete
Replies
1. මචං ,attribution එකෙන් ඒක කරන්න ගියාම සීමාවල් පනවනවා.ඒත් code එකෙන් ගියාම එහෙම අවුලක් වෙන් නෑ...
ඔබේ ප්‍රතිචාර වලට ගොඩක් තැන්ක්යූ...නැවත එන්න...

Delete