Blogroll

Follow us on Facebook

Followers

Tuesday, January 15, 2013

නැගුණි කළු වළාවක්



අහස ගුගුරයි මොර දෙයි

පියකරු වූ අහසකට

අහෝ ! කීම වී ද ?

මා කාට කියම්ද?

කාගෙන් අසම්ද?

කිමක්ද මේ අරුමය කියා

නිල් වන් ව තිබු අහසක්

ක්ෂණිකව ,කළු දුමාරයක් ම විය

අනේ !..දෙවියනේ

කෙලෙස සැනසෙම්ද?

කෙලෙස කියම්ද මේ දුක

අපේ ගෙට වැඩි බව

එයයි අරුමය

එයයි ජීවිතය

මරණයක්ම වුයේ මන්ද අහෝ !

කෙසේ වවාම්දෝ...

මා මිතුර

තවත් කෙසේ ඉවසම්ද

මේ දුක් ගංගාව

කදුළු බිදක්ව දිය කර හරින්නෙමි

මා දයාබර පියාණෙනි .....

අවසරයි හැර යන්නට

අප සැවොම

වැජබෙත්වා!

නුඹ සදාකල් තුසිතයේ......

......
මේ කියන්නේ 2013 ක් වූ ජනවාරි මස 2 වන දින හා 5 වන දින අවසන් ගමන් ගිය මා මිතුරු සොයුරියකගේ සීයාත්,මාගේ සීයාත් ගැනයි.ඔබ දෙපලට අප සැවොම නිවන් සුව ප්‍රාර්ථනා කරන්නෙමි

4 comments:

  1. සෝ සුසුම් - දුක් ගැහැට
    උරුම නැති
    ජීවිතයක්
    නොහැක සෙවුමට කිසි දිනෙක
    මිරිඟුවක් පසු පස
    හඹා යන මුව පොව්වෙකු විලසට
    නොහැක සෙවුමට කිසි දිනෙක
    ජීවිතයක්
    සතුට විතරක්ම උරුම....

    ReplyDelete
  2. පිපාසිත වූවකුට
    දිය බිදක් වන් වූ
    පද පෙළක් වෙන් කල
    මා මිතුර ඔබට
    හැකිවිය නිවාලන්නට
    අපේ මේ දුක් ගින්න...

    ඔබේ අදහස් වලට මාගේ හදපිරි ස්තුතිය පුද කරමි...

    ReplyDelete
  3. ඉපදෙන ,මියයන
    හමුවන,වෙන් වන,
    සදාතන සත්යයන් අතර,
    මමත් සෙවූයෙමි මගක්...
    වෙනස් කරන්නට,
    ඒ සදාතන සත්යය.......

    ReplyDelete
  4. ඔබත් සොයන
    මමත් සොයන
    සදාකල් සොයන
    ඒ සදාතන සත්‍ය
    වෙනස් කරන මග
    සොයුරිය ..
    බුදුන් හිටී සමයේ නම්
    බුදුන් දැක එය
    ඉටු කරගන්නට හැකිය...

    ඔබේ මියුරු වදන් වලට මගේ හදපිරි තුති....

    ReplyDelete