Blogroll

Follow us on Facebook

Followers

Thursday, January 31, 2013

අහෝ..! කුමන කරුමයක්ද මේ.....

හදවතේ නලිය නලිය 
සිටි ඔබ 
කොයි මොහොතකද එන්නේ කියා
මා බලා සිටියෙමි 
නිදහසක් නෑ මගේ හදට 
ඔබ දකින තුරා 
ඒත් ...අහෝ ....දෙවියනි...
ඔබ ආ වෙලාව මා හට 
සරදම් කරන බව 
නොදැන සිටියෙමි මා නම්
ඇයි ඔබ මෙලෙස මා හටම
මෙවන් දුකක් උරුම කලේ 
කිමක්ද ඒ අරුමය 
දුකයි මට .....දුකයි...
හදවතේ නැගෙන වේදනාව 
වදන් වලට පෙරලුවෙමි 
දුක බෙදා ගන්නට 
මිතුරාද සිටියෙමි 
එහෙත් මගේ හදේ වූ දුක් ගින්න 
ගගක් මෙන් කදුළින්
කාටත් හොරා
කොට්ටය සිප ගතිමි...

13 comments:

  1. දුක දන්නෙ වෙන කවුද ,ඇස් දෙක තරම්...........

    ReplyDelete
    Replies
    1. දුක රැදුනේ වෙන කොහෙද හදවතේ තරම්...
      ස්තුතියි සහෝදරි....

      Delete
  2. exam result aul kiyalada kiyanna hadanne.
    Ara 4n eka weda nethi unahama akka kenek kiyanne, anna eka thamai matath kiyanna theyenne.
    Owwa gananganna epa macho. Hema detama munadenna purudu wenna ona.

    ReplyDelete
    Replies
    1. හරි මචං..මන් දැන් ගොඩක් දුරට හිත හදාගෙන ඉන්නේ.මගේ යාලුවන්ගෙන් සමාව අයදිනවා ඔබේ අදහස් වලට මගේ ප්‍රතිචාර දැක්වීමට කල් ගත වීම ගැන...ස්තුතියි මචං...

      Delete
  3. ගණන් ගන්න එපා මලයා. වැටෙන්න එපා. එක මගක් නැත්නම් තව මං දහයක් තියෙයි.

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත චන්දන අය්යා..මන් මගක් තෝරාගත්තා...නැවත විභාගෙට මුහුණ දෙන්න...

      Delete
    2. ආ ඒක හොඳයි. ජය..!

      Delete
  4. අපි හිතන විදිහටම හැම දෙයක්ම වෙන්නෙ නෑනෙ මල්ලි. හැමදේකටම මූණදෙන්න පුරුදු වෙන්න ඕනනෙ...

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත අක්කේ...
      සිතු සිතු දේ සිදු නොවුනාවේ..
      පැතු පැතු දේ ඉටු නොවුනාවේ...

      Delete
  5. චන්දන අයියාගේ කතාවට මාත් එකඟයි... උඹ ෆේල් වෙලා නෙවෙයිනේ..මෙඩිසින් යන්න විතරනේ බැරි උනේ...ජීවිතේ ලොකුවට පැරදිලා නෑ... ඉදිරිය ගැනත් හිතන්න...

    ReplyDelete
    Replies
    1. හරි බං..උබ තමා මගේ පසුපස හිටියේ..මේ තාක්..ඉදිරියටත් එසේම වෙන්න කියල මන් ඉල්ලා සිටිනවා..ඉදිරිය හා වර්තමාන තත්වය ගැන හිතලා මන් තීරණය කළා බං ආයි විභාගේ ලියන්න...
      උබ කල උදවු හැමදේටම මන් ස්තුතිවන්ත වෙනවා..

      Delete
  6. උඹ උත්සාහ කළානෙ බං....
    ජීවිතේ කියන්නෙ ඔකම නෙවෙයිනෙ අනික
    ජය

    ReplyDelete
    Replies
    1. ඔවු...මන් ඉන්න තැන ගැන මන් දැන් සතුටු වෙනවා...ගොඩක් ස්තුතියි...

      Delete