Blogroll

Follow us on Facebook

Followers

Tuesday, January 29, 2013

ප්‍රතිඵල එනවෝ....



    හ්ම්.!....මොනා කියන්නද කියලා හිතෙනවා පෝස්ටුවක් ලියන්න හැදුවට.ඒ තරම් මගේ හිත චංචල වෙලා දැන්.ඔලුවේ ඇතුලේ ප්‍රශ්ණ කෝටියයි.මේ හැම ප්‍රශ්නෙකටම පිළිතුරු හෙට එළිවෙන ජාමෙට ලැබෙනවා කියලා මතක් වෙනකොට සතුටුයි.ඒත් ඒ සතුට බිදී යන මොන මොනවදෝ ටිකක් ඔලුවේ කැරකෙනවා.එක වෙලාවකට පිස්සු වගේ.එක අවුරුද්දක් මැරීගෙන පාඩම් කළා.ඒත් හිතු තරම් ප්‍රතිඵල නොලැබුනත් ඒ ගැන පසුතැවීමක් කණගාටුවක් නැත්තේ දෙවන වර විභාගයට පෙනී සිටින්න කටයුතු කල කාලයේයි.කිම්ද යත් එවිට අපේ පළමු වර වූ අඩුපාඩු අපිමට හොදින් අවබෝද වූ හෙයිනි..
  ප්‍රතුඵල ..ප්‍රතිඵල...ප්‍රතිඵල...ඔලුව වටේ කැරකෙයි...අහල පහල උදවිය මෙන්ම රටේ ලෝකේ උදවියත් ඇස් කන් යොමු කරමින් සිටින්නේ මා දෙසටය.ඔවුනට ඇති උවමනාව මා වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබීමය.තවත් සමහරෙක් බලා සිටින්නේ හොදහැටි පාටි දැමීමටය...මා වෛද්‍ය විද්‍යාලයට තේරුනොත් මටද මගේ දෙමාපියන්ටද නෑදෑ හිත මිතුරන් තුලද ඇතිවන සතුට නිම් හිම් නැතිය..එහෙත් හමුවී හිත හොදින් කතා කලද හදවත ඇතුලින් බුර බුරා නැගෙන කෝපය සගවාගත් පිරිස්ද අප අතර නැතුවා නොවේ..
 ඇත්තටම මාගේ ප්‍රතිඵල ගැන මට යම් විශ්වාශයක් ඇතත් අන් අය තුල ඇති විශ්වාශය ඊටත් වඩා විශාල වන්නේය..අන්න එයයි මාගේ සියලු ගැටළු වලට හේතුව.එයයි,ඔවුන් මා ගැන තබා තිබෙන විශ්වාශයට මා තදින් බිය වී ඇත්තෙමි..කුමන දේවල් මා මෙලෙස මේ අවස්ථාවේදී ප්‍රකාශ කලද හෙට මේ සියල්ලටම හොද තීන්දුවක් ලැබෙනු ඇතැයි මගේ හැගීමයි...
 කියන්නට කණගාටු වන කාරණය නම් ප්‍රතිපල එන්නට මත්තෙන් ලියු මේ පොස්ටුවට ඔබ සැවොම දක්වන ප්‍රතිචාර වලට මගේ අදහස් ප්‍රතිඵල පැමිණීමට පෙර ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන හෙයිනි.ඊට හේතුව නම් මා ගෙවූ පතල් ජිවිතේ තවත් එක් මුර දවසක් අදට යෙදී තිබෙන නිසාවෙනි..
 ඒත් මා දයාබර හිත මිතුරණි මාගේ නොපැමිණීම පසෙක ලා සිත් තුල ජනිත වන ඔබේ අදහස් සියල්ල නොපැකිලිව මා හට පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.එවිට හෙට මට ඔබේ අදහස් දෙස බලා සතුටු විය හැකිය...හෙට දිනයේ උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සියලුම මිතුර මිතුරියන්ට ඉතා හොඳ ප්‍රතිඵල ලැබේවායි ඉත සිතින් ප්‍රර්ථනා කරන්නෙමි.ඔබ සැමට ජය....

10 comments:

  1. හෙට දිනයේ සතුටුදායක ආරංචියක් ලැබෙන්න කියල පතන්නම්. !

    ReplyDelete
  2. හෙට දවසේදි මල්ලිට සතුටුදායක ප්‍රථිපලයක් ලැබෙන්න කියල මාත් ප්‍රාර්ථනා කරනව!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අක්කිටත්...ඔයාලගේ ප්‍රර්ථනා එලෙසම ඉටු වෙන්න කියල මාත් ප්‍රර්ථනා කරනවා..

      Delete
  3. අහ් උඹත් මම වගේමනෙ බං එල එල අපිත් සෙනන්ඩි ෂයි..... විත් මැත්ස් හැබැයි...
    උඹට ජය මචං

    ReplyDelete
  4. suba pethum malliyoo.... 2011 apata unu dee wanee wana hathurekutawath wenna epaa kiyala praarthanaa karanawa.

    ReplyDelete
    Replies
    1. ඒකනම් එහෙම තමයි..මොනා කරන්නද මේක ලංකාවනේ..
      හොද දෙයක් වෙයි..තැන්ක්යූ ...

      Delete
  5. හී හී ජය වේවා!!!! :D :D :D

    ReplyDelete
    Replies
    1. උබ ඉන්නේ හිනා වෙන්න තමා ...
      තැන්ක්යූ...

      Delete