Blogroll

Follow us on Facebook

Followers

Tuesday, January 22, 2013

ඩොන්ගල් එක unlock කරමුද.?

    ඉතින් යාලුවනේ,ඔන්න මන් හිතුවා ඔයාලා හැමෝටම වටිනා කියන දෙයක් අරන් එන්න.මේ ගැන මගෙන් හුග දෙනෙක්ම ඇහුවා.මේක සමහරු නම් දැන් බිස්නස් එකක් කොරගෙන නොවැ.ඒත් ඉතින් ඔන්න මමනම් එහෙම නෑ.ලොබ නැතුව මන් මේ ඔයාලට කියල දෙන්න යන්නේ ඩොන්ගල් එකක් unlock කරගන්නා ආකාරයයි...ඔන්න එහෙනම් අහගන්නකෝ.....
       බොහෝ විට අපේ රටේ අයියලා මල්ලිලා හැමෝම පාවිච්චි කොරන්නේ huwawi නැත්නම් ZTE කියන නිෂ්පාදන නාමයන්ට අයිති ඩොන්ගල්.මේ වර්ග දෙකටම අයත් ඩොන්ගල් හරිම ලේසියෙන් unlock කරගන්න පුළුවන්.



වැදගත් -:ඩොන්ගලය unlock කිරීමෙන් පසු අදාළ සමාගමෙන් ලබාදෙන වගකීම් සහතිකය අහෝසි වන බව මතක තබා ගන්න.එසේම හදිසි විදුලි ඇන හිටිමකදී ඩොන්ගලය නැවත භාවිත කල නොහැකි ආකාරයෙන් හානි විය හැකි බැවින් UPS උපකරණයක් සහිතව unlock කිරීම සිදු කල යුතුයි.එසේම unlock code යෙදීමේදී එය යම් වාර ගණනකට (10ක් පමණ) සීමා කර ඇත.එම නිසා නිවැරදිව unlock code එක ඇතුල් කිරීමට වග බලා ගන්න.මෙහි දක්වා ඇති උපදෙස් නිවැරදිව අනුගමනය කිරීම ඔබගේ වගකිමක් වන අතර ඔබ අතින් සිදුවන ඇත වැරදීම් සදහාද වගකීම ඔබ සතු වේ.

ඩොන්ගලයක් unlock කිරීමට ක්‍රම කීපයක්ම තිබෙනවා.මේ සඳහා අන්තර්ජාල වෙබ් අඩවි මෙන්ම පරිගණකයේ ස්ථාපනය කරන මෘදුකාංග මගින්ද සිදු කල හැකියි.පළමුවෙන්ම අපි අන්තර්ජාලය භාවිතයෙන් unlock කරගන්නා ආකාරය විමසා බලමු.
  HUWAWI ඩොන්ගලයක් unlock කරගන්නේ මෙහෙමයි.....

      මේ සඳහා මුලින්ම අන්තර්ජාල වෙබ් බ්‍රවුසරයෙන් පහත වෙබ් පිටුවට පිවිසෙන්න.

එහි ඇති box එකට ඔබේ ඩොන්ගලයේ IMEI අංකය ඇතුලත් කර පසුව Submit කරන්න.දැන් ඔබට කොළ පති තීරුවක් මත ඔබේ ඩොන්ගලයේ unlock code එක දිස්වනු ඇත.
  දැන් ඔබේ ඩොන්ගලය වෙනත් දුරකථන ජාලයක වූ සිම් පතක් යොදා පරිගණකයට සම්බන්ධ කරන්න.ඩොන්ගලයේ මෘදුකාංගය මගින් unlock code එක විමසු විට ඉහත වෙබ් පිටුවේ ඇති unlock code එක ලබා දෙන්න.එවිට ඔබේ HUWAWI ඩොන්ගලය unlock වනු ඇති අතර වෙනත් ඕනෑම ජාලයක සිම්පතක් භාවිතයෙන් ඔබට අන්තර්ජාලයේ සැරිසැරීමට හැකි වනු ඇත....
 ඔබගේ ඩොන්ගලයත් unlock කර ගැනීමට දැන්ම උත්සහා කරන්න.උදවු ගැනීමට කමෙන්ටුවක් දාන්නකෝ...

5 comments:

  1. Replies
    1. තැන්ක්යූ නිශාන් සහෝදරයා...ගොඩාක් සතුටුයි මේ පැත්තේ ආවට.නැවත එන්න..

      Delete
  2. ගොඩාක් සතුටුයි...තැන්ක්යූ දේශ් සහෝ ....

    ReplyDelete
  3. http://tools.texby.com/unlock-codes/huawei/ <= Mekai hari link eka. jaya wewa

    ReplyDelete