සිදාදියට ආවේ මම
රන් කහවනු සොයන්න නොව
ශිල්ප ඔටුනු පැළදාගෙන
උජාරුවෙන් ගමට යන්න
මගේ හිතේ ඇතිවන දුක
නෙතු කඳුලින් ගලායද්දී
අම්මේ නුඹ මා ළඟ නෑ
ඒ කඳුලැලි පිස දමන්න
මා මගේ දුක කාට කියමි
කවුරුන් ඒවා අසත්ද
සැමදා නිහඩවම සිටින
කොට්ටෙට දෙමි හිත හැදෙන්න
....................................
.................................................................
No comments:
Post a Comment