Blogroll

Follow us on Facebook

Followers

Tuesday, January 15, 2013

"හෝ ...එකත් එහෙමද?"


"හෝ ...එකත් එහෙමද?"

එදා ආයතනයේ සංවත්සරික උත්සව දිනයයි.සාදය පැවැත්වෙමින් තිබියදී,ලොක්කාගේ බිරිඳ එකිනෙකාලඟට ගොස් වචනයක් දෙකක් කථා කරමින් සුහදත්වය පළ කළාය.
   ඉතා සුරූපී ලාලනියක හා කතාවට වැටී 
"මම මිසිස්‌ මැන්ඩිස්,කළමණාකාර අධ්‍යක්‍ෂකවරයාගේ බිරිඳ"
යනුවෙන් තමා විසින්ම හඳුන්වා දෙන ලදී.
       "හරි සන්තෝෂයි හඳුනා ගන්න ලැබුණාට,මම ඔහුගේ ලේකම්වරියයි" යි ඇයද අතට අත දෙමින් පැවසුවේ ඇඟපත පොඩ්ඩක් ද ගස්සමිනි.ලොක්කාගේ බිරිඳ තරමක් චංචල වුවත් ඇය ඒ බව ඇගෙව්වේ නැත.
        "හෝ,එකත් එහෙමද?" යයි අසා තවත් අමුත්තෙකු වෙත පිය මැන්නාය.

No comments:

Post a Comment