සුරතල් කසුන් දැන් පාසල් යන වයසට් එළඹ ඇතත් පාසල් යාමට ඔහුගේ කිසිම ආශාවක් නැත.ඉල්ලන ඉල්ලන තෑගි බෝග ලස්සන ඇඳුම් පැළදුම් කොපමණ ගෙනවිත් දුන්නත් පාසැල කෙරෙහි ඔහු තුල උනන්දුවක් ඇති කිරීම පහසු නොවීය...
අන්තිමට මව උපායක් යෙදුවාය.ඔහු සමඟ සෙල්ලම් කරන යහළුවන්ට ටොපි චොකලට් ආදිය දී ඔවුන් ලවා නොයෙකුත් සිත් ගන්නා දේ පැවසීමට සැලැස්වීමෙන් පාසැල කෙරෙහි ඇල්මක් ඇති කිරීමට ගත උත්සාහය තරමක් දුරට සාර්ථක විය.ඉන්පසු මුල් දිනයේ ඔහු පාසල් ගියේය.ඊළඟ දවසේ අම්මා ඇඳුම් පැළඳුම්,කෑම බීම,පොත් බෑගය ආදිය කලින්ම සකස් කර තබා කසුන් පුතා අවදි කරවීමට කාමරයට ගියාය...
"පුතා,නැගිටින්න මගේ පුතා" යයි ඔහුගේ ඔලුව අත ගාමින් පැවසුවාය.
"මොකටද අම්මේ" යයි කසුන් ප්රශ්න කළේය.
"ඇයි පුතා පාසල් යන්නනේ" යනුවෙන් අම්මා පිළිතුරු දුන්නාය.
"ඇයි අම්මේ ඊයේ ගියේ" යයි පැවසු කසුන් හොඳට හරි බැරි ගැහි නිදා ගත්තේය....
හික්ස් පොඩි එකා මාරයි
ReplyDeleteමාරයි තමා.එල නේද.
Deleteගොඩාක් සතුටුයි හැමදාම මේ පැත්තේ එනවට..තැන්ක්යූ නිශාන්...